Press Release
Written by Admin   
Tuesday, 06 July 2010

පවුල්වාදී ව්‍යවස්ථාවට එරෙහිව ජනතාවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළ ගැසෙමු’ -එජාප
‘No’ for family ‘Yes’ for country…UNP Protest !!!

Image At a media briefing at the Parliamentary complex yesterday (05), the UNP said, if the amendment to the constitution is benefiting the people, the UNP will extend its support, but if the amendment aims at pampering and safeguarding the ‘Family’, the UNP will take to the streets in protest. If the amendment is reasonable as regards the division of powers in accordance with the report forwarded by Tissa Vitharane, the Chairman of the All party representatives committee (APRC), then UNP is prepared to support the Govt. ‘s proposed amendments, UNP pointed out.


යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්‍ෂය විසින් රටපුරා ගෙන යාමට නියමිත විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්‍ෂය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විරෝධතාවක නිරත විය.පවුල්වාදී ව්‍යවස්ථාවට එරෙහිව ජනතාවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළ ගැසෙමුයන මැයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී ප‍්‍රතිඥාවක් දුන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාප මන්ත‍්‍රීවරු පසුව සටන් පාඨ සහිත පූවරු රැුගෙන විරෝධතාවක නිරත වූහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා,

පවුල්වාදී ව්‍යවස්ථාවක් වෙනුවට ජනතාවාදී ව්‍යවස්ථාවක් ලබාගන්න, බඩු මිල අඩුකර, පඩි වැඩිකරන්න, සරත් ෆොන්සේකා එලියට - කේපී ඇතුලටමේ සටන් පාඨ ජනතාව අතරට ගෙන යන්න ව්‍යාපාරයක් අපි ඇරඹුවා. මේ උද්ඝෝෂණ ව්‍යාපාරය රට වටේම ගෙනියන්න අප බලාපොරොත්තු වෙනවා.

 

ඡුන්දය අවසන් වුණත්, ජනතාවට තවම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සහන ලැබිල නැහැ. එල්ටීටීඊයේ නැව් 17 යි, පැට්ට‍්‍රල් ෂෙඞ් 500, රත‍්‍රං හා මුදල් තවම ලංකාවට ලැබිල නැහැ. ඒ වෙනුවට සරත් ෆොන්සේකව තාම අත්අඩංගුවේ තබාගෙන සිටිනවා. මේවට මහින්ද රාජපක්‍ෂ ඇහුම්කන් දෙන්නෙ නැත්නම් අප ජනතාව සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ජනතාවාදී ව්‍යවස්ථාවක් ඇති කළොත් මාධ්‍ය නිදහස ආරක්‍ෂා වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරයට සියලූ දෙනාටම එක්වන්නැයි අප ඉල්ලා සිටිනවා.

 

මේ රටට ජනතාවට අද අනාගතයක් නැහැ. විරුද්ධ පක්‍ෂයේ කාර්යය භාරයක් මේ රටේ ජනතාවට අනාගතයක් හදන එක.

 

 

එජාප මන්ත‍්‍රීවරුන් කියවූ ප‍්‍රතිඥාව මෙසේය.

 

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ මහජන ඡුන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තේරී පත්වූ මහජන නියෝජිතයින් ලෙස 2010 ජූලි මස 06 වන දින රටේ උත්තරීතර පාර්ලිමේන්තුව අභියසදී අපි මෙසේ ප‍්‍රතිඥා දෙමු.

 

රටේ ජීවන බරින් මිරිකී සිටින ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවන බර සැහැල්ලූ කරමින් ඔවුන්ගේ ජීවිතවලට සහන සලසන වැඩපිළිවෙලක් ගෙන ඒම වෙනුවට මව්බිමේ කෝටි දෙකකට ආසන්න අපේ ආදරණීය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කරමින් තනි පුද්ගලයකුගේ බලය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන මාලාවක් ගෙන ඒමට ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටී.  

 දෙවරක් ජනාධිපතිධූරය දැරිය හැකි වාර ගණන පිළිබඳ මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ සීමාව අහෝසි කරමින් යාවජීව ඒකාධිපති නායකයා ලෙස වැජඹෙන්නට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනවලට අපි එරෙහි වන්නෙමු. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පයින් ගසමින් එම කොමිෂන් සභාවලට සභාපතිවරු ඇතුළු සාමාජිකයින් පත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට තිබූ බලය අහිමිකරමින් තමන්ට උවමනා ලෙස එම බලතලවලට තම ගෝලබාලයන් පත්කර ගැනීම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි නැගී සිටිමු.

 

ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලීසියක්, ස්වාධීන රාජ්‍ය සේවයක් අහෝසි කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලියට එරෙහිව ජනතා නියෝජිතයින් ලෙස රටේ ජනතාව දැනුවත් කරමින් දිවිහිමියෙන් කි‍්‍රයා කරන බවට මෙයින් ප‍්‍රතිඥා දෙමු
Last Updated ( Monday, 02 August 2010 )