Press Release
Thursday, 28 May 2009

දැන් එල්.ටී.ටී.ඊය නැති නිසා ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය කොටිය කරගෙන පහර දෙනවා - තිස්ස අත්තනායක

 

Imageත්රස්තවාදය පරාජය කොට යා යුත්තේ රට ගොඩ නැගීමේ ව්යාපාරයකට බවත්, එය එජාපය හා ආණ්ඩුව අතර යුද්ධයක් නොවිය යුතු බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්රකාශ කරයි.යුද්ධය අවසන් වූවාට පසු ඉතිරිව ඇති කොටස ජයගන්නේ කෙසේද යන්න රජයට තිබෙන අභියෝගය බවත්

නීතිය ස්ථාපිත කොට ප්රජාතන්ත්රවාදය හා මානව අයිතිවාසිකම් තහවුරු කොට ආර්ථික සංවර්ධනයකට කඩිනමින් පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම බවත් එසේම ලක් 3 ක් පමණ වන අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචි කර ඔවුනට ආදායම් මාර්ග සකස්කර දී නැවත ත්රස්තවාදයට ගොදුරු නොවන්නට පරිසරය ඔවුනට සලසාදීම ආණ්ඩුවේ වගකීම වුවත්, අද ආණ්ඩුව කරන්නේ එජාපයට පහරදීමේ ව්යාපාරයක් ගෙනයාම බව අත්තනායක මහතා ඊයේ (27) දහවල් විපක්ෂනායක නිල නිවසේ පැවැති මාධ් හමුවකදී පැවැසීය.

එජාප නායක රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව නගරය පුරා විශාල පෝස්ටරයක් අලවා තිබෙන බව පැවැසූ මහතා, ආණ්ඩුව ලබාගෙන තිබෙන ජයග්රහණය ඉදිරියට ගෙන යමින් නිදහසේ ජීවත් වීමට හා ප්රජාතන්ත්රවාදී දේශපාලනය කිරීමේ නිදහස ලබාදීම රජයේ වගකීම බවත්, මාධ් සදාචාරයේදී පාවිච්චි නොකළ යුතු පහත් වචන පවා පාවිච්චි කරමින් රජයේ ගුවන් විදුලිය විපක් නායකයාට පහර ගසන බවත්, මේ පිළිබඳව එජාපයේ දැඩි අප්රසාදය පළ කරන බවත් කීවේය.

ආණ්ඩුවේ කොටස්කරුවන් දේශපාලන විසඳුමක් අවශ් නැතැයි ප්රකාශ කරන්නට පටන්ගෙන තිබෙන අතර සර්වපාක්ෂික නියෝජිත සමුළුවේ තිස්ස විතාරණ මහතාගේ වාර්තාව ඉදිරිපත් කිරීම යටපත් කර තිබෙන බවත්, එසේ නම්, පිළිගත හැකි සාධාරණ දේශපාලන විසඳුමක් රජයට ඉදිරිපත් කළ හැකිවීමෙන් ගෞරවයද රජයටම ලබාගත හැකි බවත් එජාප මහලේකම්වරයා පැවැසීය.
   
තිස්ස විතාරණ මහතාගේ වාර්තාව ඉදිරිපත් කිරීම ප්රමාද කරන්නේ ඇයි දැයි ආණ්ඩුවෙන් ප්රශ්න කළ මහතා, එම වාර්තාව ඉදිරිපත් කළහොත් ජනතාව සමඟ පාරට බසිනවායි ආණ්ඩුවේ කොටස්කරුවකු වන විමල් වීරවංශ ප්රකාශ කරන බවත්, එසේම එල්ලාවල මේධානන්ද හිමි, චම්පික රණවක මහතා හා හෙළ උරුමයේ අය දේශපාලන විසඳුමක් අවශ් නැතැයි පවසන බවත්, මේවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයට පරස්පර බවත් ආණ්ඩුවේ කොටස්කරුවන් ජනතාව පාරට බස්සවන්නට කථා කරනවා නම්, දේශපාලන යෝජනාව පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය රටට ප්රකාශ කළ යුතු බවත් සඳහන් කළේය.

එජාපය ආණ්ඩුවට සහාය දෙන බව දැන් ප්රකාශ කිරීම කුහක කථාවකැයි ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කළ ප්රකාශය ගැන කණගාටුව පළ කළ එජාප මහලේකම්වරයා අද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නට ආණ්ඩුවේම අය නැති බවත්, යුද හමුදාවේ 50 වසර සමරන උත්සවයේ නිල ග්රන්ථයේ එජාප නායක රනිල් වික්රමසිංහ මහතා යුද හමුදාව ශක්තිමත් කිරීමට හා සෙබළුනට පුහුණුව ලබාදීමට ගත් ක්රියාමාර්ග ගැන විශේෂ සඳහනක් කරමින් ස්තූති කර තිබෙන බවත්, වික්රමසිංහ මහතා හමුදාවට දැවැන්ත ශක්තියක් ලබාදුන් බව සඳහන් වන බවත්, යාපා ඇමැතිවරයා මේවා නොදැන කථා කරන බවත් කීවේය.

අද විශාල ලෙස මූල් අර්බුදයකින් පෙලෙමින් දවසින් දවස ප්රශ්න අවුල් වෙද්දී එජාපයට මඩ ගැසීමෙන් ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලින් ජයගන්නට බැරි බවත්, රට ගොඩ ගැනීමේ වැඩ පිළිවෙලකට එජාපය සහාය දෙන අතර, දූෂණයට, වංචාවට හා ප්රජාතන්ත් විරෝධී ක්රියාවලට එරෙහි සටන එජාපය දිගටම ගෙන යන බවත් මහලේකම්වරයා කීවේය.