press release
Wednesday, 13 May 2009

බස්නාහිරදී ප්රකාශ නොවුනු ඡන්ද නිසි වෙලාවට ප්රකාශ වේවි-එජාප මහ ලේකම්

Imageඑජාපයට බස්නාහිර පළාත්සභා ඡන්දයේදී පසුබෑමක් වූ බව මම පිළිගන්නවා නමුත් මේකේ සැබෑ පරාජය කාටද ලැබිලා තියෙන්නේ ඡන්දය හිමි ජනතාවගෙන් 45% කට ආසන්න ප්රමානයක් ඡන්දය ප්රකාශ කරලා නැහැ. ඒවගේම ඡන්දය නොදුන් සහ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නු ප්රමානයත් බැලුවාම 60%ක් පමණ ආණ්ඩුවට විරුද්ධ මතයේ සිටින බවයි පෙනෙන්නේ

විතරක් නොවෙයි ආණ්ඩුව කොච්චර පම්පොරි ගැහැව්වත් කොළඹ මහා නගරසභා බල ප්රදේශය උදුර ගන්න බැලුවත් ආණ්ඩුවට ඒක කරගන්න බැරි උනා.


ආණ්ඩුව බැලුවේ යුද්ධය විකුනලා බොරුව වන්චාව රජ කරවලා ඒවගේම ආණ්ඩුවේ මුදල් කෝටිගනන් වැය කරලා මැතිවරනය ජයග්රහනය කළ බව පෙන්වන්නයි සියළු අභොයෝග හමුවේ තමයි එජාපයට මේ මැතිවරණයට මුහුන දෙන්න සිදු යුනේ