press release
Friday, 01 May 2009

මැයි දිනය වෙනුවෙන් එජාපයෙන් වජිර ළමා නිවාසයටසත්කාර වැඩසටහනක්     

Imageජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්නේ එක්සත් ජාතික පක්‍ෂය මගින් රට පුරා සංවිධානය කෙරෙන ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ ප්‍රධාන වැඩටහන එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වජිරි ළමා නිවාසයේ දී අද උදේ 10.30 ට පැවැත්වින.එහිදී උතුරේ යුද්ධයෙන් අවතැන්වූ ද්‍රවිඩ, මුස්ලිම් සහ සිංහල දරු දැරියන් වෙනුවෙන් අවශ්‍ය සියලූ පහසුකම් සැලසීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි

රටේ උද්ගතවී ඇති අනාරක්ෂිත තත්ත්වයත්, දකුණේ සහ උතුරේ ජනතාව මුහුණ දී සිටින අන්ත අසරණ තත්ත්වය සැළකිල්ලට ගෙන මැයි දින රැලියක් සහ පෙළපාලියක් සංවිධානය නොකොට සිටීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති වන ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ ලංකා ජාතික සෞඛ්‍ය සේවා පොදු සේවක සංගමය ඒකාබද්ධව මෙය සංවිධානය කරයි. මේ යටතේ පරිගණක තුනක්, පොත්, ළමා ඇඳුම් සහ පාවහන් තොගයක්ද දරු දැරියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නියමිතය.
Last Updated ( Monday, 04 May 2009 )