Press Release
Thursday, 30 April 2009

රටින් පැන ගිය ලංකාවේ අර්ධ පුරවැසියෙකු වන අලහප්පෙරුමට වඩා රට ගැන කතා කරන්නට එජාපයට අයිතියක් ඇත - තිස්ස අත්තනායක

Imageරනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් කළ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් ඩලස් අලහප්පෙරුම වික‍්‍රමසිංහ මහතා වඳවී ගෙන යන දේශපාලන සත්වයෙකු බවට ප‍්‍රකාශයක් කර ඇති බවත් මේ රටේ ධනය, සම්පත් හා ජීවිත විනාශ කරමින් ගෙන ගිය යුද්ධය අවසානයේ හතුරාට වාසි ගෙන දෙන්නේ නම් එ ගැන ප‍්‍රශ්න කිරීමට වික‍්‍රමසිංහ මහතාට අයිතියක් ඇති බවත් රටින් පැන ගිය ලංකාවේ අර්ධ පුරවැසියෙකු වන අලහප්පෙරුමට වඩා රට ගැන කතා කරන්නට එජාපයට අයිතියක්

ඇති බවත් අත්තනායක මහතා සඳහන් කළේය.යුද්ධය උච්චතම අවස්ථාවට ගෙනැවිත් හමුදාවේ සෙබළුන් දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කර ලක්‍ෂ 02 කට පමණ පිරිසක් අනාථ භාවයට ඇද දමා ආණ්ඩුව යුද්ධය නතර කරන්නේ ඇයි දැයි ප‍්‍රශ්ණ කළ එ් මහතා ආණ්ඩුව අතර මඟ යුද්ධය නතර කරන්න නම් යුද්ධ කළේ මොකට දැයි විමසීය.

එජාපයෙන් ගිය ලක්‍ෂ්මන් යාපලා වගේ අය අද ආණ්ඩුවේ ඇමැති ධුර දරන්නේ එජාප සාමාජිකයින්ගේ හයියෙන් බවත් ඔවුන් අද එය අමතක කර ඇමැතිකම් රැුක ගැනීමට ආණ්ඩුවට කඬේ යන බවත් කී අත්තනායක මහතා ආණ්ඩුව වෙනුවෙන් අද කතා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය නොව ඩුප්ලිකේට් අය බවත් කීය..

Last Updated ( Thursday, 30 April 2009 )