Press Release
Tuesday, 28 April 2009

එජාපය කොළඹ නඟරය දිනවීමෙන් ජනතාව ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය නැවත ඇති කළ යුතුය යන පණිවිඩය ලබා දීලා - තිස්ස අත්තනායක

Imageබස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ පාක්‍ෂිකයන්ටත් හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හමුවේ නිහඬව ඡන්දය පාවිච්චි කළ සියලු ඡන්දදායකයන්ටත් එක්සත් ජාතික පක්‍ෂය සිය කෘතවේදීත්වය පළ කරයි.

ආණ්ඩුව විසින් මෙම පළාත් සභා මැතිවරණය පවත්වන ලද්දේ රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය, රජයේ දේපොළ, රජයේ වාහන ඇතුළු රාජ්‍ය සම්පත් උපරිම ලෙස යොදා ගනිමින් පිළිගත් මැතිවරණ නීති - රීති උල්ලංඝනය වන පරිදි ය. මැර බලය ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ යොදා ගත් අවස්ථා ද ගණනාවකි.

ඒ සියල්ල මධ්‍යයේ කොළඹ නඟරයේ බලය තමන් සතුය යන්න පෙන්වීමට ආණ්ඩුව විසින් මැර බලය ද යොදා දරණ ලද උූට්සාහය කොළඹ නඟරයේ ජනතාව විසින් ම පරාජය කොට තිබීම ද සුවිශේෂ සිද්ධියකි.

මෙම ඡන්ද ප්‍රතිඵලය අනුව කොළඹ නගර සීමාව තුළ සිටින ජනතාව රජය වෙත ලබා දී ඇති පණිවුඩය වන්නේ රට තුළ අහිමි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය නැවත ස්ථාපිත කළ යුතු ය යන්න ය.

අප මෙම මැතිවරණයත් සමඟ නැවතත් ආණ්ඩුව වෙත යොමු කරන අභියෝගය නම් රාජ්‍ය බලය කේන්ද්‍ර කරමින් තැනින් තැන වරින් වර මැතිවරණ පවත්වනු වෙනුවට එකවර මහ මැතිවරණයක් සඳහා එළැඹෙන ලෙස ය.

Last Updated ( Tuesday, 28 April 2009 )