Press Release
Friday, 17 April 2009

නොගෙවූ බදු මූදල් අයකර ගැනීමේ පනත් කෙටූම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් පෙත්සමක්

Imageමූදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත් මාර්තු 16 දා රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද නොගෙවූ බදු මූදල් අයකර ගැනීම සඳහා වූ විශේෂ විධි විධාන පනත් කෙටූම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනූ කළේය.


එම පෙත්සම මගින් අත්තනායක මහතා පවසා සිටින්නේ එම පනත් කෙටූම්පතේ ඇතුළත් 4.7, 10.12 යන වගන්ති ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එම වගන්ති සහිතව පනත් කෙටූම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක විශේෂ බහූතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යූතු බවට තීන්දුව ප්‍රකාශයට පත් කරන ලෙසද ඔහූ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

රජයේ සමස්ත හා වෙනත් රාජ්‍ය ආයතන විසින් නොගෙවා ඇති බදු මූදල් අයකර ගැනීමෙන් තොරව කපා හැරීමට දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයාට අත්තනෝමතික බලයක් එම පනතින් ලබාදී ඇති බවද පෙත්සමෙන් පෙන්වාදී ඇත.

රාජ්‍ය ආයතන පූද්ගලික ආයතන සමඟ තරගකාරීත්වයකින් යූතුව ව්‍යාපාරික කටයූතුවල යෙදෙන බැවින් රාජ්‍ය ආයතනවලට පමණක් එම විශේෂ සහනය ලබාදීම අසාධාරණ බවත් නීතිය හමූවේ සැමට සමානව සැලකිය යූතු බවට පනවා ඇති ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාවේ 12(1) මූලික අයිතිවාසිකම් නීතිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් වැඩිදුරටත් කියා සිටී
Last Updated ( Friday, 17 April 2009 )