Press Release
Written by Lankaenews   
Wednesday, 08 April 2009

ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අධිකරණය හෑල්ලූ කරන ජනාධිපතිවරයෙකු බිහිවෙලා -එජාප මහ ලේකම්

Imageආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අධිකරණය හෑල්ලූ කරන සිය  ඕනෑ එපාකම් ගැන පමණක් සිතන ජනාධිපතිවරයකු බිහිවී අවසන් බවත් තමන්ගේ යහපතම පමණක් ගැන සිතන තැනට මේ පදවිය සීමා වී තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කරයි.අද විධායක ජනාධිපති තනතුර අතට පත්ව සිටින පුද්ගලයා ක‍්‍රියා කරන ආකාරය

ප‍්‍රධාන ලෙස සැලකිල්ලට භාජනය වී තිබෙන බව සඳහන් කරන මහලේකම්වරයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයට එජාපය පැමිණ තිබෙන අතර එ් සඳහා වන ව්‍යවස්ථාව සංශෝධනයක් නොව නව ව්‍යවස්ථාවක් ගෙන එ්මට එජාපය යෝජනා කරන අතර ඊළඟ මහා මැතිවරණයේදී එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට එය ඇතුලත් කිරීමට අපේක්‍ෂා කරන බව කීය.

එජාප මහලේකම්වරයා එසේ කීවේ විපක්‍ෂ නායක නිල නිවසේ අද (8* පැවැති මාධ්‍ය හමුවේදීය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි එජාප නායක වික‍්‍රමසිංහ මහතා පසුගිය දා කළ ප‍්‍රකාශය ගැන සඳහන් කරමින් අත්තනායක මහතා කීවේ එය එජාපය පළමුවතාවට කළ යෝජනාවක් නොවන බවයි.

විධායක ජනාධිපති ධුරය ජනතාවගේ අවශ්‍යතා අනුව සංශෝධනය විය යුතු අතර විධායක ජනාධිපති ධුරය වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැති ධුරයක් ඇති කිරීම කෙරෙහි එජාපයේ අවධානය යොමුව තිබෙන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1995 දී ජවිපෙට ලිඛිත පොරොන්දුවක් දුන් අතර මහින්ද රාජපක්‍ෂ මහතාද ජවිපෙ සමග පසුගිය ජනාධිපතිවරණයේදී එකඟතාවයකට පැමිණියත් එ් ක‍්‍රියා මාර්ගයට මෙතෙක් ප‍්‍රවිශ්ඨවී නැති බවත් අත්තනායක මහතා කීවේය.

යම් ආයතනවලට ගරු කිරීමට ව්‍යවස්ථාවෙන්ම එකඟතාවක් තිබුණත් අද ව්‍යවස්ථාදායකයා හා අධිකරණයට අභියෝගවන ආකාරයට විධායකය කටයුතු කරන බව පෙන්නා දුන් එජාප මහලේකම්වරයා අද විධායකය විසින් පාර්ලිමේන්තුව හා අධිකරණය හෑල්ලූවට පත්කර තිබෙන බවත් 17 වන සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක් වුවත් විධායකය විසින් එය යටපත් කර තිබෙන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ව්‍යවස්ථාදායකය හා මහජන මතය පිළිබඳ අවබෝධයක් නැති පුද්ගලයකුට මේ තනතුරට පත්ව තිබෙන බවත් විවාදාත්මක මත පළවී තිබෙන බවත් සඳහන් කෙළේය.  

ජනාධිපති බලතල, ධූර කාලය පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය පිළිබඳව සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතු බව සඳහන් කළ ඒ මහතා, විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සමානුපාතික හා කේවල ක‍්‍රමයකට ඉක්මනින්ම යායුතුව ඇති බවත් එසේම ජනාධිපතිධූර කාලය, මැතිවරණ පැවැත්විය යුතු කාල සීමාව, පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතනවල වගකීම සමාන්තරව ගෙන ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සම්බන්ධව එජාපය ඉදිරි කාලයේදී රටට හෙළි කරන බවත් වසරකට මාස දෙකෙන් දෙකට මැතිවරණ පැවැත්වීමේ ක‍්‍රමය රටේ ආර්ථිකයට බලපාන අතර ජන සමාජයේ හැල හැප්පීම් හා බිඳවැටීම් සිදුවන බවත් ඒ නිසා මැතිවරණ පැවැත්වීමේ කාලවකවානු ව්‍යවස්ථාව තුළින්ම නියම කිරීමට යෝජනා කරන බවත්, එසේම ඇමැති මණ්ඩල පත් කිරීම විෂයයන් බෙදීමේ කිසිම ප‍්‍රමිතියක් හා නිර්නායකයක් නැතිව ජනාධිපතිට  ඕනෑ ලෙස කරන පත් කිරීම් ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු සංඛ්‍යාව කොපමණදැයි ව්‍යවස්ථාව තුළම සඳහන් විය යුතු බවත් කීවේය.

1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කළේ ආර්ථිකය නඟා සිටුවීම, රට එක්සේසත් කිරීම වැනි අභියෝග කීපයක් මත වන අතර, ජේආර්ගේ ආරම්භක ක‍්‍රියාවලියේ යහපත් කම නිසා ඒ අභිප‍්‍රායන් ඉටුකර ගැනීමට හැකිවී තිබෙන බවත්, විධායක ජනාධිපති තනතුරු වැරැුදි පුද්ගලයකු අතට පත්වුවහොත් අයහපත් ප‍්‍රතිඵල ඇතිවිය හැකි බවට එදා එන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා මහත්වරුන් ප‍්‍රකාශ කල අතර, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අධිකරණය හෑල්ලූ කරන තමා වෙනුවෙන් පමණක් සිතන ජනාධිපතිවරයකු අද බිහිවී අවසන් බවත් තමන්ගේ යහපත පමණක් සිතන තැනට මේ පදවිය සීමාවී තිබෙන බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසුවේය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන සියලූ දේශපාලන පක්‍ෂවලට එක මතයකට ඒමට මග විවෘත වී තිබෙන නිසා ඒකාබද්ධව වැඩ කිරීමට ඇති බාධාව මෙම විධායක ජනාධිපති ක‍්‍රමය නම්, එය වෙනස් කරන්නට අනෙක් පක්‍ෂ සමඟ එකතු වී එජාපය සූදානම් බැවින් ඒ සඳහා එකතුවන්නැයි එජාප මහ ලේකම්වරයා ඉල්ලීමක් කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේද සාකච්ඡුා කොට ජනතාවගේ ද අදහස් විමසා ඊළඟ පියවරට ප‍්‍රවිශ්ඨ වන බවද ඔහු කීවේය.