Press Release
Written by UNP media   
Monday, 30 March 2009

රාජපක් සහෝදර සමාගමේ දූෂිත පාලනයට එරෙහිව රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් දැවැන්ත ජන බලයක් ගොඩනගා පාලනය පෙරළා දමනවා !!

Imageරාජපක් සහෝදර සමාගමේ අදූරදර්ශී, අකාර්යක්ෂම සහ දුර්ධාන්ත පාලනයට එරෙහිව රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් දැවැන්ත ජන බලයක් ගොඩනගා පාලනය පෙරළා දැමීමට සියලු පාර්ශවයන් සාමූහික එකඟතාවකට පැමිණ ඇතැයි , එකඟතාව යටතේ සියල්ලන් ඉදිරියට ක්රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා  පැවසීය.

රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් තවදුරටත් ක්රියා කරන අතර දේශපාලන ව්යාපාරය දියත් කිරීමේ කටයුතු නියෝජ් නායක කරූ ජයසූරිය ඇතුළු නිළධාරීන්ට සහ කෘත්යාධිකාරී මණ්ඩලයට පැවරීමට සියල්ලන් සාමූහික එකඟතාවකට පැමිණ සිටින බව පෙන්වා දුන් තිස්ස අත්තනායක මහතා මේ අවස්ථාවේ දී කවුරුත් ඇප කැප වී සිටින්නේ එකඟතාව අනුව ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට යැයි අවධාරණය කළේය.


තිස්ස අත්තනායක මහතා එසේ පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායක සහ නායක වශයෙන් තනතුරු දෙකක් ඇති කිරීමට යන බවත්, ජේෂ්ඨ නායකත්වය සඳහා වත්මන් නායක රනිල් වික්රමසිංහ මහතා පත් කෙරෙන අතර පක්ෂයේ සියලු මෙහෙයුම් කටයුතුවල බලය සහිතව නව නායකායා ලෙස වත්මන් නියෝජ් නායක දේශබන්දු කරූ ජයසූරිය මහතා පත් කෙරෙන බවට ජනමාධ් ඔස්සේ ආරංචි පැතිර ගියා. ඒ ආරංචිවල සැබෑ තත්ත්වය කුමක්ද? රනිල් වික්රමසිංහ  මහතා ජේෂ්ඨ නායකත්වයට පත් කෙරෙනවාද, නැතිනම් ඔහු තවදුරටත් පක්ෂයේ එකම නායකයා ලෙස ක්රියා කරනවාද යනුවෙන් මාධ්යවේදියෙකු එහිදී නැගූ ප්රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්ත්නායක මහතා මෙසේ කීය.

එක්සත් ජාතික පක්ෂයේ අභ්යන්තර අර්බූදයක් සම්බධයෙන් ජනමාධ් ඔස්සේ පැතිර ගිය කතා සියල්ල අප තෙරයේ හෙළා දකිනවා. අපේ පක්ෂයේ කිසිඳු අභ්යන්තර අර්බුදයක් හෝ දේශපාලන වශයෙන් පිල් බෙදීමක් හෝ ඇත්තේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කරවීම, පක් යාන්ත්රණය ශක්තිමත් කොට වේගවත් කිරීම, පක්ෂයේ අභ්යන්තර සමගිය ඇති කිරීම සහ පක් යාන්ත්රණයේ ඇති කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වුණා.

එබඳු අදහස් සහ යෝජනා පක් අභ්යන්තරයේ මතුවීමෙන් හෙළි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබෙන්නා වූ අභ්යන්තරික ප්රජාතන්ත්රවාදය බව කිව යුතුයි.

අදූරදර්ශී, අකාර්යක්ෂම සහ දුර්ධාන්ත රාජපක් සහෝදර සමාගමේ පාලනය වහාම අහෝසි කොට ජනතාවාදී එක්සත් ජාතික පක් පාලනයක් රටේ ඇති කිරීමෙන් ජනතාවට සහන සැලසීම සඳහා අප සියල්ලන් එක්සත්ව, ඇප කැපවී ක්රියා කරනවා.

එක්සත් ජාතික පක් යාන්ත්රණය වේගවත් කිරීම සඳහා අවශ් ව්යූහාත්මක වෙනස්කම් සිදු කිරීම, ජයග්රහණය උදෙසා අනුගමනය කළ යුතු දේශපාලන ක්රියාමාර්ග, දේශපාලන බලය ක්රියාත්මක කිරීමේ ආයතනික ක්රියාවලිය කඩිනම් කිරීම සහ දේශපාලන මණ්ඩලය සතු වගකීම් වැඩි කිරීම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් අප සියල්ලන් පොදු එකඟතාවකට පැමිණ සිටිනවා.

අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ, නියෝජ් නායක කරු ජයසූරිය සහ පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලය මේ කරුණු කාරණා සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණ සිටින අතර අනුව පක්ෂයේ ඉදිරි ක්රියාකාරිත්වයට අදාළ දේශපාලන ව්යාපාරය සහ ඊට අදාළ වැඩ කටයුතු දේශපාලන මණ්ඩලය හරහා ක්රියාත්මක කිරීමට නියමිතයි.

සියලු පාර්ශව ඒකරාශී කොට ගනිමින් මේ ජනතා විරෝධි ආණ්ඩුව පෙරළීමට අප ක්රියා කරමින් සිටින අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඇතැයි ආණ්ඩුව තර්ක කිරීම මහ විහිළුවක්.

එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් තිබුණොත් ස්ථානයට කැරලි මර්ධන හමුදා යැවිය යුතු යැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්රිපාල සිරිසේන මහතා කරන ප්රකාශය තරයේ හෙළා දකින අප එම පක් කාර්යාලය එදා දෙපිරිසක් දෙකට බෙදාගෙන පාලනය කළ යුගය අමතක දැයි ප්රශ්න කරනවා.

ජනාධිපති මහින්ද රාජපක් මහජන මුදල් විනාශ කරමින් කෑලි කෑලි ලෙස පළාත් සභා මැතිවරණ පවත්වන්නේ සිය දේශපාලන බලය තහවුරු කොට ගැනීමට විනා ජනතාවට සහ රටට තිබෙන ආදරයකට නම් නොවෙයි.

ජනාධිපතිවරයාගේ මේ ක්රියාකලාපය හේතුවෙන් රටේ උග් ආර්ථික අර්බුදයක් ඇති වී මුළුමනින්ම අරාජිකත්වයට පත්ව ඇති අතර ජනතාව දැඩි ජීවන අර්බුදයකට මැදිවී අන්ත අසරණ වී සිටිනවා.

යුද්ධය පෙන්වා මැතිවරණ පවත්වමින් ආණ්ඩුව උත්සහ කරන්නේ මේ සියලු ප්රශ්න සම්පූර්ණයෙන්ම යටපත් කිරීමටයි.

විමල් වීරවංශ මේ දේශදෝහි ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන හැටියට ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කලක් සිටියා දැයි සිතෙනවා. එක්සත් ජාතික පක්ෂය ජාත්යන්තර මූල් අරමුදලට ප්ලග් ගසා රට ජනතාව පාවා දී සල්ලි ගන්නවා යැයි එදා චෝදනා කළ විමල් වීරවංශ ජාත්යන්තර මූල් අරමුදලින් මේ ආණ්ඩුව ණය හිඟා කෑම සාධාරණීකරණය කරන්නේ දේශපාලන විළි ලැජ්ජාවකින් තොරව දැයි ප්රශ්න කළ යුතුයි.

ජාතික එකඟතාව සහ ප්රජාතන්ත්රවාදය ගැන පුරසාරම් දොඩන අතර ඩලස් අලහප්පෙරුම අමාත්යවරයා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ කවදාවත් සාර්ථක කොට ගත නොහැකි කොන්ත්රාත්තුවක් බාර ගෙන විවිධ කතා කියනවා.

එක්සත් ජාතික පක්ෂය මේ රට ගොඩනගා ජනතාවට සහන සැලසීම සඳහා අවශ් ක්රියාමාර්ග ගැනීමට ආණ්ඩුව කොන්දේසි විරහිතව එදා සහය පළ කිරීම ආදී තත්ත්වයන් නොදැන එතුමා ඉතාම දේශපාලන වශයෙන් ළඳ බොළඳ කතා කීම ගැන අප කණගාටු වනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි සහ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි තලතා අතුකෝරාළ මහත්මිය මෙසේ පැවසුවාය.

වත්මන් පාලනය යටතේ රට කෙතරම් අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටී අරාජිකත්වයකට පත්ව තිබෙනවාද යන්න පිළිබඳව සෞඛ් ක්ෂේත්රය මුළුමනින්ම කඩා වැටී ඇති තත්ත්වයෙන් මනාව හෙළි වනවා.

රටේ සෞඛ් ක්ෂේත්රය මේ තරම් කඩා වැටී තිබෙන්නේ අපේ සෞඛ් අමාත්යවරයා ලෝක සෞඛ් සංවිධානයේ විධායක සභාවේ සභාපති ධූරය දරද්දීම වීම කණගාටුවට කරුණක්.

එතුමා මේ ධූරයට පත් වූ විගස රට පුරා මහා විශාල පෝස්ටර් සහ බැනර් නම් ප්රදර්ශනය කොට තිබුණා අපට මතකයි. ඒ අනුව හොඳ සෞඛ් සේවාවක් ලබාගත හැකි වේවි යැයි ජනතාව අවංකවම විශ්වාස කළා. නමුත් සියලු විශ්වාසයන් සහ බලාපොරොත්තු මුළුමනින්ම කඩ වී ඇති බව පැහැදිළියි.

සෞඛ් ක්ෂේත්රයේ උද්ගත වී ඇති අවදානම්කාරී තත්ත්වය රුබෙල්ලා එන්නත විෂ වීමෙන් මාතර ශාන්ත තෝමස් බාලිකා විද්යාලයේ පේෂලා හංසනී දැරිවිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් මනාව හෙළි වනවා.

දැරිවියට මේ එන්නත දී තිබෙන්නේ රුබෙල්ලා එන්නත විදීමේ අවදානම්කාරී තත්ත්වයත් ඇයට තිබෙන බවට දෙමව්පියන් කර තිබුණු දැනුම්දීම නොතකායි.

සිද්ධියට හේතුව් තිබෙන්නේ අවශ් පුහුණුව ලැබුවන් ස්ථානයේ නොසිටීම යැයි , අත්වැරදීමක් යැයි ආදී වශයෙන් කතා පැතිර යනවා.

කෙසේ නමුත් පේෂලා හංසනී දැරිවියගේ මරණය සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන්ද? දෙමව්පියන්ට අහිමි වූ වටිනාම සම්පත නැවත ලබාදිය හැක්කේ කිනම් පාර්ශවයකටද?

මේ තත්ත්වය යටතේ අපේ දැරියන් අතිශය මානසික කැලභීමකට පත්ව ඇති බව ඉතාම පැහැදිලි කාරණයක්.

මේ අතර පාන් සහ බනිස් කෑ 176 ක් ආහාර විෂ වී රෝහල්ගත වී සිටින අතර එක් පුද්ගලයෙකු දැනටමත් මියගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ජැපනීස් එක්කෙෆලයිටීස්එන්නත අවුරුදු 4ක් මුළුල්ලේ ලබා නොදෙන අතර පසුගිය කාලයේ දී උග් ඖෂධ හිඟයක් රටේ තිබුණා. විශේෂයෙන් පෙතිඩීන් නැමැති උග්රහ වේදනා නාශක ඖෂදයේ විශාල හිඟයක් පැවතුණා අපට මතකයි.

යුද්ධයක් ක්රියාත්මක වන මේ මොහොතේ හදිසි ආපදා තත්ත්වයක් ඇති විය හැකි යැයි අදාළ බලධාරීන් දන්නේ නැද්ද? යුධමය වාතාවරණයක් තිබෙන අවස්ථාවක දී හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ් ඖෂධ තිබිය යුතුයි

Last Updated ( Monday, 30 March 2009 )