Press Release
Tuesday, 24 March 2009

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් සුබ පැතුම් !!

Imageඑක්සත් ජාතික පක්‍ෂයේ නායක  රනිල් වික‍්‍රමසිංහ මහතා අද 60 වන වියට පා තැබීම නිමිත්තෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට ආසිරි පැතීමේ බෝධි පූජාවක් හා අද සවස 6 ට හුණුපිටිය ගංඟාරාමයේදී පැවැත්වේ. එතුමාට එජාපයේ මහා ලේකම් වශයෙන් මාගේ හෘදයාංගම සුභ පැතුම් මා මෙ‍යින් පිරිනමමි! එතුමාට දීර්ගායුශ ලැබේවා..!

1949 මාර්තු 24 වන දින උපන් එමහතා වෘත්තියෙන් නීතිඥයෙකි. 1970 දී එක්සත් ජාතික පක්‍ෂයට බැඳුණු එමහතා කැළණිය ආසනයේ එජාප ප‍්‍රධාන සංවිධායක වූ අතර පසුව බියගම ආසනයේ සංවිධායකයා විය. 1977 දී ගම්පහ දිස්ත‍්‍රික්කයේ බියගම ආසනයේ මන්ත‍්‍රීවරයා ලෙස තේරී පත්වූ නායක රනිල් වික‍්‍රමසිංහ 1978/94 එජාප ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති සහ තරුණ කටයුතු රැකියා හා අධ්‍යාපන ඇමැති වශයෙන් කටයුතු කෙළේය.1989 දී පාර්ලිමේන්තුවේ සහානායක ලෙස පත්වූ වික‍්‍රමසිංහ මහතා 1994 දී විපක්‍ෂ නායක මෙන්ම එජාප නායකයා ලෙස 1993 සිට 1994 දක්වා අග‍්‍රාමාත්‍ය වරයා වශයෙන්ද කටයුතු කෙළේය. 1999 සහ 2005 දී එජාප ජනාධිපති අපේක්‍ෂකයා වූයේද වික‍්‍රමසිංහ මහතායි.
Last Updated ( Wednesday, 25 March 2009 )