Press Release
Tuesday, 24 March 2009

රාජපක්‍ෂ ආණ්ඩුවට අභියෝග කරන ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ ශක්තිමත් කරනවා !!

Imageරාජපක්‍ෂ ආණ්ඩුවට අභියෝග කරන ආකාරයකට හා රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යවන තැනට එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් ප්‍රතිව්‍යූහගත කිරිමකට යන බව පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.සියලූ දෙනා රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමේ මූලික අරමුණ ඇතිව තීරණ ගැනීමට එකඟවී සිටින නිසා කිසිවකු කලබල විය යුතු නැති බවද ඔහු කීවේය.

පක්‍ෂ යාන්ත්‍රණයේ වෙනසක් කිරීමට දැනට කෙරෙන සාකච්ඡා සියල්ල සාර්ථක බවත්, එම යාන්ත්‍රණය හා ව්‍යූහය සකස් කිරීමට පත් කළ කමිටුව දැන් රැස්වන අතර එහි වාර්තාව ලබන සඳුදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් සියලූ දෙනාගේ එකඟතාව මත පසු තීරණයක් ගනු ඇතැයි ද අත්තනායක මහතා පැවැසීය.
Last Updated ( Monday, 30 March 2009 )