Press Release
Tuesday, 17 March 2009

අස්ගිරි මහනාහිමිට එජාප මහ ලේකම් තිස්ස අත්තනායකගෙන් සුබ පැතුම් !!

Imageශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අසූවැනි ජන්ම දිනය අදට යෙදී ඇත. කිසිවකින් උඩඟු නොවී කරුණාව, දයාව උපශාන්ත ගුණය පෙරදැරිව නිහතමානී, මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අදට යෙදෙන 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සුබාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ..

අපේ රටත්, ජනතාවත්, සමාජ ආර්ථික හා ගුණධර්ම වශයෙන් ලබා ඇති සංවර්ධනය අප වෙත තිළිණ කළෙ මේ රටේ වෙහෙර විහාරස්ථාන මූලික කර ගෙනයි. නිර්මල බුදුදහමත්, වෙහෙර විහාරස්ථානත් තම දිවි පරදුවට තබා ආරක්ෂා කෙළේ එදා සිට අද දක්වා පහළ වූ මහා සඟරුවනයි. ඒ අප මහානායක මාහිමිපාණන් වහන්සේ තුළ ඇති ව්‍යක්ත බව, විශාරද බව, ධර්මධර බව, විනීත බව හා පිරිපුන් නායකත්වය නිසාමය. ඒ තුළින් අපට ලබා ගත හැකි ආදර්ශයන් රාශියකි.

එසේම මහානායක මාහිමිපාණන් වහන්සේ තුළ ඇති පුණ්‍යවන්ත භාවය නිසාම, ශී‍්‍ර දළදා වහන්සේගේ භාරකාරත්වය හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවිය හිමි වී තිබේ. විශේෂයෙන් පසුගිය වකවානුව අප රටට මහත් පීඩාකාරී යුගයක් විය. මා හට ලබාදුන් අවවාද අනුශාසනාවල ඇති වැදගත්කම, ගෞරවයෙන් යුතුව සිහිපත් කරන අතර, ඉදිරියේදීත්, එම අවවාද අනුශාසනා නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව සිහිපත් කිරිමට කැමැත්තෙමි !!

Last Updated ( Monday, 23 March 2009 )