press release
Written by Admin   
Monday, 04 December 2017

 තිස්ස  ගැන එදා රනිල් මෙසේ කියයි....

tissa_gs_apoointed.jpg2006 වසරේ මහලේකම් දූරයට පත් තිස්ස අත්තනායක මහතා ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සටහනක් කර ඇත." පාර්ලිමේන්තු මංත්‍රි වරයකු මෙන්ම ඇමති වරයකු ලෙසද කටයුතු කර ඇති තිස්සගේ දේශපාලන ජීවිතය කැළලින් තොරය.එසෙම අභියෝගාත්මකය.දක්ශ දේශපාලන සංවිධායකවරයෙකු ලෙසද ඔහු සිය කුසල තාවයන් ප්‍රකට කර තිබේ.අගමැති වරයා ලෙසත් පක්ෂ නායකයා ලෙසත් මා ඔහු වෙත පැවරෑ වගකීම් නිසි ලෙස ඉටු කරලීම ඔහුගේ සුවිශේෂි ලක්ෂණයකි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය මහලේකම් වරයා ලෙසද ඉන් පසු මහලේකම් වරයා ලෙසද තිස්ස පක්ෂය වෙනුවෙන් කල සේවාව ඉමහත්ය.පක්ෂය ප්‍රබලවු අවස්ථාවන්හිදි මෙන්ම දුබල වු අවස්ථාවන් හිදි ඔහු පක්ෂය වෙනු වෙන් පෙනී සිටියේය.පක්ෂයට ශක්තිය ලබා දුන්නේය.අර්බුද කාරි අවස්ථාවන් හිදි පක්ෂය රැක ගත්තේය. ඔහු පක්ෂයේ තනතුරැ වලින් ආලෝකය ලැබු වකු නොවීය.පක්ෂයේ තණතුරැ වලට තිස්ස ආලෝකයක් විය.තිස්ස එක්සත් ජාතික පක්ෂයේ දරැ වෙකී.පක්ෂය රැක ගැනීම හා පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාම ඔහුගේ එකම අපේක්ෂාව වී ඇත්තේ එහෙයිනි. තිස්සට එක්සත් ජාතික පක්ෂයේ සැබෑ උරැමයක් ඇත්තේද ඒ නිසාමය..