press release
Written by Admin   
Saturday, 28 October 2017

 ඩි .එස්.සේනානායක මැතිතුමාගේ 133 වැනි ජන්ම දිනය ගෞරවයෙන් සිහිපත් කරමින්..

ds_cel.jpgනිදහස් ලංකාවේ පලමු අගමැති මහාමාන්‍ය ඩි .එස්.සේනානායක මැතිතුමාගේ 133 වැනි ජන්ම දිනය පසුගිය ඔක්තෝබර් මස 20 වනදාට යෙදි තිබුණු අතර එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එතුමා සිහිපත් කරමින් ගෞරවයෙන් සිහිපත් කළ අයුරු...


ඉංග්‍රිසි පාලනයෙන් රට මුදවා ගැනිම සදහා අනිකුත් සියලු නායකයන් සමග එක්ව උපක්‍රමශිලිව නිදහස දිනා ගැනිමට ගත් පියවර නිසාම ලේ බිදුවක්වත් නොසොලවා ලබාගත් නිදහසක් ලෙස ශ්‍රි ලංකාවේ නිදහස දිනා ගැනිම ඉතිහාසගතවි තිබෙනවා


එක්සත් ජාතික පක්ෂය 1946 ආරම්භ කලේත් ආරම්භක නායකයා වුයේත් මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිතුමන් විසිනි එදා පක්ෂය ආරම්භකරන විට සිංහල දෙමල මුස්ලිම් සියල්ලෝම එකට එක්සත් ජාතික පක්ෂය සමග සිටියේය


ඩිඑස් ගේ ගොවිජනපද ව්‍යාපාරය හා කෘෂිකාර්මික ආර්ථික වැඩ පිලිවෙල නිසා අපරට බතින් බුලතින් සරු විය එදා ගල්ඔය ව්‍යාපාරය වැනි දැවැන්ත කෘෂි ව්‍යාපාර ආරම්භකලේ දුරදිග බලාය මිනිපේ ව්‍යාපාරය හා ඇලැහැර බකමුණ ව්‍යාපාරය බිහිකලේ ඩිඑස් ය එදා අපේම මුදලින් එම ව්‍යාපාර කරන්නට රට ශක්තිමත්ව තිබුනේය " වැවයි දා ගැබයි ගමයි පන්සලයි" සංකල්පය මත ඔහු රට පාලනය කලේය
එතුමගේ උදාරතම අරමුනවුයේ "සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ , බර්ගර් සෑම ජාතියකටම හා සෑම ආගමකටම එක හා සමානව සහෝදරත්වයෙන් සැලකිමය
ඩිඑස් වැනි නායකයන්ට රට හා ජාතිය වෙනුවෙන් මහත් ආදරයක් හා කැපවිමක් එදා තිබුනේය එවැනි කැපවිම වර්ථමානයේ දක්නට තිබෙන්නේද යන්න අපම විමසා බැලිය යුතුය
මහාමාන්‍ය ඩිඑස් සේනානායක මැතිතුමනි ඔබගේ ගුණ අදත් අප ගෞරවයෙන් සිහිපත් කරමු.............

Last Updated ( Friday, 03 November 2017 )