press release
Written by Admin   
Friday, 03 November 2017

අදින් වසර 23කට පෙර සිද්ධියක් තිස්සට අද මතක් වෙයි - සිද්ධිය මුහුණුපොතට

thissaaaa.pngමිට වසර 23 පෙර එනම් 1994 ඔක්තෝබර් 23 දින සිදුවූ සිද්ධියක් සම්බන්ධව එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මුහුණු පොතට සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා.පක්ෂ ඉතිහාසය සම්බන්ධව අදහස් දක්වමිනුයි ඔහු මෙම සටහන එක්කර ඇත්තේ.

එම සටහන පහතින්....

මිට වසර 23 පෙර එනම් 1994 ඔක්තෝබර් 23 දින අලුයම රටට ලැබුණු අවාසනාවන්ත හා දුක්මුසු ආරංචිය වුයේ ගමිණි දිසානායක, මහතා කොළඹ තොටලග ජනාධිපතිවරන ප්‍රචාරක වේදිකාවේ කතාකරමින් සිටි කොටි ත්‍රස්තවාදින්ගේ ( LTTE) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වි ඇති බවය එම බෝම්බයෙන් විරසිංහ මල්ලිමාඅරච්ච්, ඔෂි අබේගුනසේකර , ජි එම් පෙමචන්දර ,ක්‍රිස්ටි පෙරේරා , ගාමිණි විජේසේකර ඇතුලු එජාපා මංත්‍රිවරුන් හා ක්‍රියාකාරින් 50 අධික ප්‍ර්‍රමාණයක් ඝාතනයට ලක්විය කරුනාසේන කොඩිතුවක්කු ඇතුලු කිපදෙනෙකු අනුන්වයෙන් ජිවිතය බෙරා ගත්තේය එම රැස්විම් සදහා සහභාගිවු රනිල් වික්‍රමසිංහ මහතාට එම ස්ථානයෙන් කලින් පිටවිම නිසා අනතුරක් නොවිය මේ වන විට කොටි සංවිධානය සමග ආන්ඩුව සාකච්චා අරඹමින් සිටියේය 
මෙම ජනාධ්පතිවරනය තිරානාත්මක එකක් විය ඊට මාස කිපයකට පෙර වසර 17 පැවැති එජාප රජය බිදවැටි තිබුනි පොදුපෙරමුණු ජයගෙන ආන්ඩුවක්ද පිහිටුවා එහි අගමැතිවුයේ චන්දිකා ය එහෙත් ජනාධ්පතිවරනයේදි ගාමිණි ජයගනු ඇතැයි එජාප මෙන්ම මධ්‍යස්ත මතධාරින් විශ්වාස කලේය එවැනි පසුබිමක මෙම ඝාතනය පිලිබදව මහජනතාව සැක පහල කරමින් පැවැති ආන්ඩුවට චෝදනා කලේය 
ගාමිණි ඝාතනයත් සමග එජාප ජයග්‍රහිමානසිකත්වය බිදවැටි තිබුනේය ඒ වන විට මා පාරලිමේන්තු මංත්‍රිවරයෙක හා මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම්වරයා විය ගාම්ණි මේ කාලයේ මා සමග බෙහෙවින් සමිප වි සිටියේය 
ගාමිණි 1970 මහාමැතිවරනයෙන් නුවරඑලිය මස්කෙළිය ආසනයෙන් තේරිපත්වු තරුණ මංත්‍රිවරයෙකි එකල ජනප්‍රිය තරුණයෙකි 1977 මැතිවරනයේ ප්‍රධාන පෙලේ එජාප කතිකයෙක් විය එජාප ජයග්‍රහණයෙන් පසු විදුලිබල හා වාරිමාර්ගඇමැතිවරයාද ඉන්පසු 1978 දි මහවැලි සංවර්ධන හා ඉඩම් ඇමැතිවරයාද විය මහවැලි ව්‍යාපාරය කඩ්නම් කිරිමේ වගකිම භාරගත් ගාමිනි වික්ටෝරියා , කොත්මලේ , රංදෙනිගල ,රංටැඹේ හා උල්හිටිය මහා ජලශ ගොඩනැගුවේය මහවැලිය හරහා නව කෘෂි ආර්ථිකයක් හා නව ගම්මාන බිහි කලේය එකල රටේ සංවරධනයේ දැවැන්තම නායකයාවුයේ ගාමිණ ය 
ශ්‍රි ලංකා ක්‍රිකට් සදහා ටේස්වරම් ලබාගත්තේද ගමිණිය එය අද බෝහෝ දෙනෙකුට අමතකය ඉංදු ලංකා ගිවුසුම හරහා උතුරේ යුද්ධය සාකච්වෙන් අවසන් කරගැනිමට මුල් වුයේද ගමිණිය එවකට පැවැති ජේආර් ජයවර්ධන ආන්ඩුවේ ප්‍රධාන පෙලේ ඇමැතිවරයකුවු ගාමිණි රටේ නායකය වනු ඇතැයි බෝහෝ දෙනෙක් සිතුවේය 1988 තිරනාත්මක ජනාධිපතිවරනයේ අපේක්ෂයකු වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද අවසානයේ පක්ෂයේ තිරනය පරිදි ආර් පේමදාස, මහාතාට සහයෝගය දැක්විය 
1989 පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසු අගමැති අපේක්ෂක ලෙස ගාමිණි නම් කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද එසේ නොවිය ඩිබි විජේතුංග මහතා අගමැතිවරයා ලෙස පේමදාස, ජනාධිපතිවරයා පත්කරන ලදි
මේ සියල්ලත් සමග අභියන්තර සිතල යුද්ධය ආරම්භ විය එහි අවසන් ප්‍රතිපලයවුයේ පේමදාස ජනාධිපතිවරයාට එරෙහිව "දෝෂාභියෝගයක්" ඉදිරිපත්විමය එහි ප්‍රධාන කොටස් කරුවෙකු වුයේ ලලිත් හා ගාමිණිය එයින් පසු ගාමිණි ඇතුලු මංත්‍රිවරින් 10 පක්ෂයෙන් නෙරපා හැරියේය ඉන් පසු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටවු ගාමිණි ඇතුලු පිරිස පේමදාස ජනාධිපතිවරයාට අභියෝග කලේය 
පේමදාස, ජනාධිපතිවරයා LTTE ඝාතනයෙන් විසින් 1993 ආමර්විදියේදි ඝාතනය කිරිමෙන් පසු ඩිබි විජේතුංග මහතා ජනාධිපති බවට පත්විය ඉන්පසු යලිත් එජාපයට එක්වු ගාමිණි මහවැලි ඇමැතිවරයා ලෙස පත්විය
1994 මහා මැතිවරනයෙන් එජාපය පරාජය විමෙන් පසු පාර්ලිමේනතුවේ විපක්ෂනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සමග තරග කර ජයගත් ගාමිණි ජනාධිපති අපේක්ෂක ලෙස අභියෝගාත්මක වගකිම භාරගත්තේය 
ගාමිණි යනු ප්‍රියමනාප චරිතයකි ඔනෑම වගකිමක් ඉටුකල හැකි නායකයකි අප රටේ කිර්තිමත් දේශපාලන නායකත්වයකි ජනතාව ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබා සිටියද ඔහු රටට අහිමි විය 
ගාමිණි දිසානායක, මැතිතුමනි මම ඔබට නිවන්සුව නොපතමි. යලිත් අප රටේ ඉපිද එම නොනිමි මෙහෙවර කරන්නට අවකාශය ලැබේවායි පතමි .

 

 

Last Updated ( Friday, 03 November 2017 )