press release
Written by Admin   
Saturday, 14 October 2017

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකුවු සෝමරත්න ගුනතිලක මහතාගේ 93 උපන්දිනය වෙනුවෙන්  එජප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එතුමාගේ නිවසට යයි

harshaa.jpgඑක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකුවු පානදුර තන්තිරිමුල්ල පදිංචි සෝමරත්න ගුනතිලක මහතාගේ 93 උපන්දිනය වෙනුවෙන් ගුණතිලක මහතාට සුභපැතිමට එජප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එතුමාගේ නිවසට ගියේය. ගුනතිලක මහතා 1948 සිට මහමාන්‍ය ඩිඑස් සේනානායක අගමැතිතුමා ගේ නායකත්වය යටතේ එජාප දේශ්පාලනය කල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් .පක්ෂය විවිධ අවස්ථාවල කල ඇගයිම් තවමත් සිහිපත් කරන එතුමා වසර 70 නොකඩවා තම සහය එජාපයට ලබාදී තිබිම පිලිබදව තම සතුට පලකරයි එතුමන් වැනි ගම්මට්ටමින් තවත් දහස් ගනනක් මෙවන් සමාජිකයන් සිටිම පිලිබදව ආඩම්බර විය යුතුය .


එතුමාගේ 93 උපන්දින සැමරුමට එක්වන්නැයි මට ආරාධනා කලේ එතුමාගේ මිනිපිරිය වන එජාප ක්‍රියාකාරිනියක් වන හර්ෂා රණසිංහ මහත්මියගේ ඇරයුමකිනි ඇය මට කිවේ මගේ පැමිණිම තම සීයා ගේ සතුටට හේතුවක් බවයි
 මෙසේ එජාපය වෙනුවෙන් දර දිය ඇදපු පැරණි සාමාජිකයින් අමතක නොකර ඉදිරියටත් ඔවුන්ගේ සුවදුක් විමසා ඔවුන්ට වචනයෙන් හෝ උපකාර කිරීම අපගේ යුතුකමකි