press release
Written by Admin   
Saturday, 29 July 2017

එජාපය වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදුකළ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු !! -තිස්ස අත්තනායක

senarath_kapukotuwa.jpgඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් වරයකු ලෙස කටයුතු කල සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත විය.2001 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත්වූ ඔහු 2004 වසර දක්වා එම ධූරයේ කටයුතු කරනු ලැබීය.කපුකොටුව මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කර ඇත. එජාපය වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදුකළ එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු - තිස්ස අත්තනායක/ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්

 

 

 

සෙනරත් කපුකොටුව මහතාගේ දේහය අංක 4/4 වැලිකඩවත්ත රාජගිරිය නිවසේ තැන්පත් කර ඇත. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (31) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.