Press Release
Written by Admin   
Tuesday, 08 March 2016
එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ කාන්තා දින පණිවිඩය

1111111111111111118492563232.jpgජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී ඇත. සංවර්ධන ක්‍රියාවලිය සඳහා භේදයකින් තොර ව කාන්තාවන්ගේ උපරිම සහභාගීත්වය ලබා ගැනීම සඳහා ඔවුන්ට සියලු අවශ්‍යතා සැලසීම කාලීන අවශ්‍යතාවකි.සමාජයේ යහ පැවැත්ම සහ ඉදිරි ගමන උදෙසා තම ජීවිතය කැප කරමින් කාන්තාව ලබා දෙන දායකත්වය අතිශය අගය කටයුතු ය. කාන්තාවට නිසි ගෞරවය, රැකවරණය, ඇගයීම, ආදරය ලබා දෙමින්, ඇය ප‍්‍රගතිශීලී සමාජ ගමනට සහභාගි කරගැනීම සමස්ත සමාජයේ වගකීමයි.

යහපත් සමාජයක් ගොඩනැංවීම උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමභාවිතය සවිබල ගැන්වීම සහ ඔවුන් දායක කරගැනීමේ වැදගත්කම කෙරෙහි සමාජයක් ලෙස අපගේ අවධානය යොමු විය යුතුය. ඒ තුළ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු සඳහා කාන්තාව දිරි ගැන්වීමට බල ගැන්වීමට සුදුසු ස්ථිරසාර පරිසරය නිර්මාණය කිරීම අපගේ වගකීමකි. පවුල තුළ, ප්‍රජාව තුළ හා රටේ සමස්ත ආර්ථිකය තුළ කාන්තාව ඉටු කරන මෙහෙය ඉමහත් ය. එයට අප ජාතියේ ප්‍රණාමය රටේ කාන්තා පරපුර වෙත නිතැතින් ම හිමිවේ. නව දැනුම, තාක්ෂණය හා යහපත් ගුණාංගවලින් ඇය තවදුරටත් ශක්තිමත් කර ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලම මට්ටමකට ගෙන ඒමේ කර්ත්‍යවයට ඇයගේ දායකත්වය උපරිම ලෙස ලබා ගැනීමට ඔබ සැමගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරමි. ජාත්‍යන්තර කාන්තා දිනය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!යි මම ප්‍රාර්ථනා කරමි.....

තිස්ස අත්තනායක

හිටපු මහලේකම් -එජාප