Deepavali Wishes
Written by Admin   
Monday, 09 November 2015
තිස්ස අත්තනායක මහතාගේ දීපාවලී සුභ පැතුම් පණිවිඩය...


deepavali-wishes.gifශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන් ඇතුළුව ලෝකවාසී හින්දු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන දීපවාලී උත්සවය හෙටට යෙදී තිබේ.පුරා වෘත්තයන්හි සඳහන්ව ඇති අන්දමට, විෂ්ණු දෙවියන් විසින් නාරගාසුරන් නම් කුරිරු පාලකයා පරාජය කොට ලෝකයට ආලෝකයත්, සාමයත් දිනා දුන් දිනය ලෙස දීපවාලී දිනය හඳුන්වනු ල‍බයි.දීපාවලී උත්සවය නිමිත්තෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන් වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය මෙන්න.

“මෙම දීපාවලි දිනයෙහි සියලු ශ්‍රී ලාංකික හින්දු ජනතාවට මා සුබ පතන්නේ ඉමහත් සතුටිනි. හින්දු ආගමේ වැදගත් දිනයක් සහ සෞභාග්‍යයේ උත්සවයක් වූ දීපාවලී ප්‍රඥාවේ ආලෝකය පතුර ව යි. මෙම උත්සවය සංකේතවත් කරන්නේ නපුර පරදා යහපත හා අවිද්‍යාව පරදා ඥානය ජයග්‍රහණය කර වීම ය.

සමඟි කාරක බලවේගයක් වන දීපාවලී භක්ති පූජා මඟින් අපේක්ෂා කරන්නේ අප රටේ වාසය කරන සමස්ත ජනතාව අතර වාර්ගික, ආගමික හා පන්ති භේදයකින් තොර සමඟියක් මිත‍්‍රත්වයක් හා අවබෝධයක් බිහි කිරීම ය.

මෙම උතුම් දිනයෙහි අපේ රටට සාමයෙන්, සමඟියෙන්, අභිමානයෙන් හා නිදහසේ ජීවත්වීමට හැකි සමාජයක් ගොඩනැඟීම සඳහා අපේ කැපවීම යළි සපථ කරමු.

දීපාවලී ආලෝකෝත්සවයෙහි ජීවයෙන් අපේ දේශය බැබලේවා! සමස්ත ශ්‍රී ලාංකික හින්දු ජනතාවට ප්‍රීතිමත් දීපාවලියක් වේවා! ”