Press Release
Written by Admin   
Tuesday, 03 November 2015

HNDA ශිෂ්‍යයින්හට සාහසික ලෙස පහරදීම හෙළාදකිනවා-තිස්ස අත්තනායක

protest1.jpgඋසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පසුගියදා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඞී.ඒ.) ශිෂ්‍යයින් හට සාහසික ලෙස පොලිසිය විසින් පහරදීම මා තරයේ හෙළා දකින බව එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි ශිෂ්ඨසම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි.ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශ හකුලමින් කරන මෙම කටයුත්ත නවතා සිසුන්ගේ ගැටලු පිළිබදව සාකච්ඡාකර ඔවුන්ට විසදුම් ලබා දී රටේ අනාගතය භාරගන්න සිටින එම තරුණ තරුණියින්ට ඉගනීමට අවශ්‍ය වටාපිටාවක් සැදීම සෑම කෙනෙකුගේම වගකීමකි