Press Release
Written by Admin   
Thursday, 01 October 2015

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත් කළ ලෝක ළමා දින සුභාශිංසන පණිවුඩය..

5.jpgදරු දැරියන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමේ හා ළමා සුභ සාධනය සුරක්ෂිත කිරීමේ අරමුණින් සංවිධාන කරන විශ්ව ළමා දින සැමරුම නිමිත්තෙන් සුභ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. පළමු ලෝක යුද්ධය හේතුවෙන් දරු දැරියන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ අතර ඒ නිසාම දරු පරපුර රැක ගැනීමේ අරමුණින් සංවිධාන රැසක් ඒකරාශී වූහ. ළමා මෙහෙකාර සේවයෙන් දරුවන් මුදා ගැනීම ද ප්‍රබල කරුණක් බවට පත්ව ඇත.

ආර්ථික අපහසුතා, දෙමාපිය රැකවරණය අහිමිවීම ආදී හේතු සාධක රැසක් නිසා දරුවන් ළමා මෙහෙකාර සේවයට බඳවා ගැනීම බහුලව සිදුවේ. 

 

තරගකාරී හා නූතන ශීඝ්‍ර අධ්‍යාපන ක්‍රම නිසා දරුවන් යන්ත්‍රයක් බවට පත් නොකර යහපත් සමබර මානසිකත්වයෙන් යුතු දරු පරපුරක් රටට උරුම කර දීම දෙමාපියන් සතු වගකීමක් වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව යමින් සක්කෝ, උජු, අනතිමාන, සුවචෝ ආදී කරුණු අනුගමනය කිරීම තුළින් දක්ෂ, අවංක, නිහතමානී හා කීකරු දරු පිරිසක් රටට උරුම කර ගත හැකි වේ. බුදු දහම සේ ම සෙසු ආගම් අනුගමනය කරමින් නිහතමානී, බුද්ධිමත් හා විනයගරුක දරු පරපුරක් නිර්මාණය කර ගැනීම සඳහා ජාති, ආගම් භේදයෙන් තොර ව අප සියල්ලෝ ම අත්වැල් බැද ගත යුතු ව තිබේ. ඒ වෙනුවෙන් සංවිධාන වන විශ්ව ළමා දින සැමරුම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි!

 

Last Updated ( Thursday, 01 October 2015 )