Press Release
Written by Admin   
Sunday, 16 August 2015

අගෝස්තු 17 වෙනිදාට ද ඡන්ද පොළට ගොස් බුලත් කොළයට ඡන්දය දී විජාතික කුමන්ත්‍රණය පරාජය කිරීමට එක්වන්න;

tissa_sunday_leader.gifඅගෝස්තු 17 වෙනිදාට පසු මේ රට දෙකඩ කිරීමට පිඹුරු පත් සකස් කර ඇති දුෂ්ඨ විජාතික බලවේග සහ ඒවායේ දේශීය ඒජන්තයින්ගේ දේශද්‍රෝහී කුමන්ත්‍රණය පරාජය කිරීමට හැක්කේ අගෝස්තු 17 වෙනිදා උදෑසනම ඡන්ද පොළට ගොස් බුලත් කොළය ලකුණට ඡන්දය දීමෙන් පමණක් බව වගකීමෙන් අවධාරණය කරමි. පසුගිය ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ දී බුලත් කොළයට ඡන්දය දුන් ලක්ෂ 58 ක් වූ ජනතාව සෑම දෙනෙකුම අගෝස්තු 17 වෙනිදාට ද ඡන්ද පොළට ගොස් තම යුතුකම මේ උතුම් රට වෙනුවෙන් ඉෂ්ඨ කරනු ඇතැයි මම විශ්වාස කරමි.