Press Release
Written by Admin   
Saturday, 08 August 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ආණ්ඩුවක් හැදීමට යෝජනා කරන්නේ මෙවර මහමැතිවරණය ජය ගැනීමට නොහැකි නිසායි - තිස්ස අත්තනායක

upfa_press.jpgමෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ අයට රුපියල් මිලියන දෙකහමාර බැගින් ලබාදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.එසේ මුදල් ලබාදුන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන බව ද ඔහු ප‍්‍රශ්ණ කරයි.ශ්‍රීලනිප මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
 
බැඳුම්කර ගනුදෙනුව ගැන මේ නිසා සැකයක් මතුවන බව ද පැවසූ අත්තනායක සන්ධානය හා එජාපය පළකරන වෙළඳ දැන්වීම්වලින් එය පැහැදිලි වන බවද කියා සිටියේය.
 
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ආණ්ඩුවක් හැදීමට යෝජනා කරන්නේ මෙවර මහමැතිවරණය ජය ගැනීමට නොහැකි නිසා යැයි ද තිස්ස අත්තනායක පවසයි.