Press Release
Written by Admin   
Friday, 31 July 2015

එක්සත් පුරවැසි පෙරමුණේ නායක තිස්ස අත්තනායක මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය 

z_p03-tna-manifesto.jpgශ්‍රී ලංකාව යළිත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයවිසින් මෙරට ජන ජීවිතය භීතියෙන් වෙලා තැබූ යුගය වෙතට නැවතගමන් කරමින් සිටිනවා දැයි මෑතදී පළවූ දෙස්-විදෙස් මාධ්‍ය වාර්තා දෙස බලන විට සාධාරණ මනසක් ඇති ඕනෑමපුද්ගලයෙකුට ප්‍රශ්නාර්ථයක් මතුවේ.එක් අතකින් තමිල්නාඩුවේ සිට මැලේසියාවට ව්‍යාජ ගමන් බලපත්‍රයක්උපයෝගී කරගෙනපළා යාමට සිටිය දී තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවටගනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු වූ කුමාරගුරු යන අය විසින් ලබා දුන්නේයැයි කියන ප්‍රකාශ අනුව අත් අඩංගුවට ගනු ලැබූ අනෙකුත්එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් ළඟ තිබී හමුවූසයිනයිඩ් කරල් 75 ක්, සයිනයිඩ් පවුඩර් ග්‍රෑම් 300ක්, GPS උපකරණ, ජංගම දුරකථන සහ ශ්‍රී ලංකා සහ ඉන්දියා මුදල් නෝට්ටු තොගලංකාවට පැමිණීමට සිටි ත්‍රස්තවාදී පිරිස් වෙත නිකුත් කිරීමට සූදානම් කොට තිබුණේදැයි දැන් විමර්ශනය කරමින් පවතී.

අනෙක් අතින්,2000 ක පමණ පුනරුත්ථාපනය නොකරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ නිදැල්ලේ හැසිරෙමින් සිටින බව බුද්ධි අංශ උපුටා දැක්වූ මාධ්‍ය වාර්තා වල පළවූ අතර, මෑතකදී ආරක්ෂක අංශ විසින් යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ගිය එවැනි සාමාජිකයන් කිහිප දෙනෙකු සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මරුමුවට පත්වූ බවට ද මාධ්‍ය විසින්වාර්තාකෙරිණ.

එසේම ටී.එන්.ඒ. සංවිධානය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ප්‍රකාශ කළේ දැනට රැඳවුම් භාරයේ සිටින සියළුම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිසිදු වරදක් සිදු නොකළ අය සේ සලකා මුදාහැරිය යුතු බවයි.එසේමයාපනයේ මරුදනාමන්ඩල්තිල්ප්‍රදේශයේ පැවති ටී.එන්.ඒ. ප්‍රථම දේශපාලන රැස්වීමේ දේශන පැවත් වූ කථිකයන් සිය කතාව අතරතුර කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නම ප්‍රකාශ කළ සෑම අවස්ථාවකදීම රැස්ව සිටි ජනතාව මහත් ඔල්වරසන් දුන් බවද යාපනයේ උදයන් පුවත් පත උපුටා දක්වමින් කොළඹ මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදීඋතුරු-නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං පාලනයක් ඇති කිරීම පිලිබඳකලින්උතුරු පළාත් සභාව තුළින්ආයෝජනාවටී.එන්.ඒ. ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙවැනි පසුබිමක් තුළ මේ කාරණා සම්බන්ධයෙන් ටී.එන්.ඒ. සංවිධානය සමග දේශපාලන සමීපතාවකින් වැඩ කරන එක්සත් ජාතික පෙරමුණු නායකයින්ගේ ස්ථාවරය දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. එබැවින් දැනට රකිනා මුනිවත බිඳ, පැහැදිලිව සහ නිශ්චිතව එක්සත් ජාතික පෙරමුණේ නායකතත්වය මේ ගැනජනතාව හමුවේ තම ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කරමි.

එසේම, ටී.එන්.ඒ. සංවිධානය සමග දේශපාලන සහවාසයක් පවත්වාගෙන යාමේදී යම් හෙයකින් ටී.එන්.ඒ. සංවිධානය තම ස්ථාවරයන් අත් නොහැරියහොත් එකී අශුද්ධ සහවාසය අවසන් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ක්‍රියාකරන බවට මැතිවරණයට පෙර ප්‍රතිඥාවක් එහි නායකත්වයට ලබාදිය හැකියාවක් ඇත්දැයි යන්න ගැනද මේ රටේ ඒකීයභාවය ගරු කරන ජනතාව වෙනුවෙන්වැඩිදුරටත්දැන ගැනීමට කැමැත්තෙමි.
Last Updated ( Saturday, 01 August 2015 )