Press Release
Written by Admin   
Tuesday, 28 July 2015
ටී.එන්.ඒ. ප්‍රතිපත්ති ප්‍රකාශය දිනූ නිදහසට අභියෝගයක් - තිස්ස අත්තනායක

web55.jpg ද්‍රවිඩ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දිනූ නිදහස අභියෝගයට ලක්වන බරපතළ තත්ත්වයක් පෙන්නුම් කර ඇති බැවින් ඔවුන් සමග ඇති ගනුදෙනුව වහාම රටට හෙළිකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එජාප න් ඉල්ලා සිටී. එමෙන්ම උතුරු නැ‍ඟෙනහිර ඒකාබද්ධ කිරීමට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය මෙන්ම එජාප ස්ථාවරය කුමක්ද යන්න දැනගැනීමට කැමැති බවද ඒ මහතා කීය.

තිස්ස අත්තනායක මහතා මේ කරුණු අනාවරණය කළේ ඊයේ(26) පෙරවරුවේ කොළඹ 07, විපක්ෂ නායක කර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අත්තනායක මහතා,

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ගේ යුද අපරාධ සම්බන්ධ වාර්තාව ඉළිදැක්වීම සහා යුද අපරාධ චෝදනා විමර්ශන කඩිනම් කරන්න යැයිද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉල්ලා සිටිනවා. ත්‍රස්ථවාදී පනත යටතේ එල්ටීටීඊ සංවිධානයට නඩු පැවරීමට තීරණය කර හෝ නඩු පවරා ඇත්නම් කුමන වරදක් කළ ද සමාව දී නිදහස් කළ යුතු යැයි ද මම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙනවා දී ඇත.

මෙය අපේ රණවිරුන්ට අදාළ නොවේද? එ.ජා. මානව හිමිකම් වාර්තාව හරහා ඇඟිල්ල දිගුකර කියන්නේ යුද සමය තුළ මූලික මානව අයිතිවාසිකම් උල්ලංගණය වන පරිදි අපේ හමුදා ක්‍රියා කළ බවටද ඔවුන් චෝදනා කරනවා‍. ඒ පිළිබඳව ජාත්‍යන්තරයට බලපෑම් කරනවා. ඒ අයට දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බව කියනවා.
     
Last Updated ( Tuesday, 28 July 2015 )