Press Release
Written by Admin   
Thursday, 23 July 2015

"එජාපය අද රාජකීය රෙජීමයකට යටවෙලා"
එක්‌සත් පුරවැසි පෙරමුණ අරඹමින් නායක තිස්‌ස අත්තනායක කියයි

eksath_purawasi-1.jpgපොදු ජනතාව වෙනුවෙන් පැවැති එක්‌සත් ජාතික පක්‍ෂය අද රාජකීය රෙජීමයකට යටවී ඇතැයි එක්‌සත් පුරවැසි පෙරමුණේ නායක තිස්‌ස අත්තනායක මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්‌ස අත්තනායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (22 වැනිදා) කොළඹ පැවැති සිය පක්‍ෂයේ මංගල මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

එක්‌සත් ජාතික පක්‍ෂය බිහිකිරීම සඳහා දායක වූ ඩී. එස්‌. සේනානායක මහතා ඇතුළු එදා සිටි ජ්‍යෙෂ්ඨයන් ගොවි, කම්කරු, ධීවර ජනතාව ගැන සිතා පක්‍ෂය ගොඩනැඟුවද වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ජනතාව අමතක කර පක්‍ෂය අද රාජකීය රෙජිමයක්‌ යටතට පත්කර තිබෙනවා. මහ බැංකු අධිපතිගේ සිට ඉහළ තනතුරු රැසක්‌ මේ වනවිට රාජකීය රෙජිමය යටතට පත්කරලා. එම තනතුරුවලට වසර 20 ක්‌ පීඩා විඳි එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ට එන්න බැරි තත්ත්වයකට පත්කරලා.

 


Tissa forms United Citizen’s Front-(watch)

https://www.youtube.com/watch?v=Zs_xxe2jeVo

 

eksath_purawasi-1.jpg