Press Release
Written by Admin   
Tuesday, 30 June 2015

වරිපනම් බදු රු. 3060 නොගෙව්වැයි තිස්‌සගේ දේපළ පවරා ගන්න යයි

ආදායම් බදුවලටත් රතු නිවේදනයක්‌

මම නීති පියවර ගන්නවා- තිස්‌ස

tissa rivira.jpgරුපියල් 3060 ක වරිපනම් බදු මුදලක්‌ නොගෙවීම නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතාගේ දේපළ පවරා ගන්නා බව දන්වමින් කොළඹ මහනගර සභාව ඒ මහතාට පෙරේදා (23 වැනිදා) ලිතව දැනුම් දී ඇත.කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස වෙනුවෙන් වාර්ෂික වරිපනම් බදු ලෙස රුපියල් 3060 ක්‌ ගෙවා නැතැයිද එම මුදල දින දහයක්‌ තුළ නොගෙවන්නේ නම් නිවස පවරා ගන්නා බවද මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම ආදායම් බදු නොගෙවීම නිසා නඩු පවරන බවද දන්වා කොළඹ දකුණු ආදායම් බදු කොමසාරිස්‌ කාර්යාලය විසින් තමන්ට රතු නිවේදනයක්‌ එවා තිබෙන බව තිස්‌ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ගෙවීමට ඇති බදු මුදල රුපියල් 5000 ක්‌ බවද එම රතු නිවේදනයේ සඳහන් වන බව කී මන්ත්‍රීවරයා නිසි කලට ආදායම් බදු හා වරිපනම් බදු ගෙවා ඇති තමාව අපහසුතාවට පත්කිරීමට මෙවන් ක්‍රියාවන් සිදුකරන බවද කීය. මේ පිළිබඳ නීතිමය පියවර ගන්නා බවද හෙතෙම කීය.