Press Release
Written by Admin   
Saturday, 13 June 2015

හොඳට බලන් ඉඳලා ඉදිරි සති දෙක තුළ තීන්දුවක් ගන්නවා – තිස්ස අත්තනායක

tisa-rivira.jpgමම නිශ්චිත දේශපාලන තීන්දුවක් අරගත්තේ නෑ. මමත් බලන් ඉන්නවා රටේ දේශපාලන වාතාවරණය දිහා. හරිම අවිනිශ්චිත බවක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ දේශපාලනය තුළ මොනවද සිද්ධ වෙන්නේ කියලා හොඳට බලන් ඉඳලා ඉදිරි සති දෙක තුළ තීන්දුවක් අරගන්නවා. මම තාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. උසාවියට ගිහින් මම ඉල්ලුවෙත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් මාව අයින් කරන්න එපා කියලා. මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ. ඒත් චුට්ටක් නිහඬව බලන් ඉන්නවා තීරණාත්මක තීන්දුවක් ගන්නට පෙර.

සුජිත් කෝනාර-Rivira
Last Updated ( Saturday, 13 June 2015 )