Press Release
Written by Admin   
Thursday, 04 June 2015

තිස්ස අත්තනායක නම් සොදුරු දේශපාලකයා.........

25th-7.jpgඑක්සත් ජාතික පක්ෂය නැමති විශාල වෘක්ෂය කපා බිම හෙලිමට පක්ෂයේම ඇතැමුන් උත්සහ ගනිද්දි, විරුද්ධ වාදීන් නොයෙක් උපක්‍රම යොදන විටදි ඔහු පක්ෂය වෙනුවෙනුත් නායකයා වෙනුවෙනුත් කොන්දේසි විරහිතව පෙනි සිටියා පමණක් නොව ක්‍රියාවෙහිද නිරත විය. කෙණෙහිලිකම් අපමණ ආවත් නියම බොදුනුවෙක් වූ ඔහු උපේක්ෂා සහගතව එම කෙණෙහිලිකම් ඉවසා සිටියේය. විටෙක ඉදිරි පාදයේ ක්‍රීඩා කල ඔහු විටෙක පසු පාදයේ ක්‍රීඩා කරමින් බවුන්සර් පන්දු වලට හිස සගවා ගත්තේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මිස ඔහුගේ පැවැත්ම වෙනුවෙන් නොවේය. තිස්ස සැබැවින් එක්සත් ජාතික පක්ෂයේ අරටුවකි. එම අරටුව විනාශ කිරිමට පක්ෂයට මෑතකදි එකතු වූ කිහිප දෙනෙකු හට අවශ්‍ය විය.

පල නොකියා පලා බෙදන තැනට ඔහුව පත් කරන විටත් හෙතෙම හිස නමාගෙන සිටියේය. ප්‍රතාවත් මහලේකම් වරු සිටි එජාපයේ මහලේකම් ධූරය එකළු කල රශ්මි කදම්බ යකි තිස්ස අත්තනායක. පක්ෂය පමණක් නොව නායකත්වය පවා වැලේ වැල් නැතුව සිටින කාලයේ වැලට මැස්සක් වූයේ තිස්සය. කෙණෙහිලිකම් වුවත් ඉවසීමේ සීමාවක් ඇත්තේය. පෘතග්ජන මිනිසෙක් වූ ඔහුටත් සීමාව ඉක්මවා ගොස් තීරණයක් ගත්තේය. හරි හෝ වැරදි වුවත් එම මොහොතේ ඔහු තීරණය ගත්තේ ඉවසීමේ සහ කෙණෙහිලිකම් දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය බැවිනි. කුමන පක්ෂයකින් හෝ තිස්ස අත්තනායක වැනි පරිණත දේශපාලකයන් අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය. පොසොන් පොහෝ දින ප්‍රකට කියමනක් ඇත්තේය. එය නම් " තිස්ස තිස්ස නවතින්න " යන්නයි. මම නම් කියන්නේ " තිස්ස තිස්ස නොනවතින්න. ඔබට මේ රට වෙනුවෙන් කල හැකි දේ බොහෝමයි ". කියාය. මා හිතවත් තිස්ස අත්තනායක මැතිදුනි ඔබට ජය ශ්‍රී. මේ ලක්දෙරණ වෙනුවෙන් සේවය කිරිමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේව

ඔබට තෙරුවන් සරණයි.

ඡන්ද දායකයෙක්ගේ සටහනක්