Press Release
Written by Admin   
Tuesday, 02 June 2015

එජාපයේ හිටපු මහලේකම්  තිස්ස අත්තනායක මහතාගේ පොසොන් පණිවිඩය

poson_seelaya.jpgඅනුබුදු මිහිදු හිමියන් ලක්දිවට බුදු දහම වැඩම කෙරුණු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදට (02) යෙදී ඇත.රට නිවැරදි දිශානතියට යොමු කිරීමට මිහිඳු හිමියන් පෙන්වාදුන් මග හැර වෙනත් මගක්‌ නැතැයි තිස්ස අත්තනායක මහතා පොසොන් පොහොය නිමිත්තෙන් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම පණිවිඩය මෙසේය
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වර්ෂයේ දී මිහිඳු හිමි ලක්දිවට වැඩි අසිරිමත් දවස උදා විය මිහින්තල අම්බස්තලයේ දී දෙවන පෑතිස් නරනිඳුන්ට මිහිඳු මා හිමියන් හමුවීම ශ්‍රී ලංකාද්වීපයේ සිදුවූ ශ්‍රේෂ්ඨ සිදුවීමක් බව අවිවාදිත ය ඒ වූ උතුම් පොසොන් දිනය අප මෙවර සමරන්නේ දෙදහස් තුන්සිය විසිවැනි පොසොන් මහෝත්සවය ලෙසය මිහිඳු මහා රහතන්වහන්සේගේ ලංකාගමනය නිසා අවිහිංසාවාදී වූද ප්‍රඥා සම්පන්න වූද ශ්‍රේෂ්ඨ ධර්මයක් අපට දායාද විය

මිහිඳු මහ රහතන්වහන්සේ දෙසූ ශ්‍රී සම්බුද්ධ ධර්මය අප රට තුළ පන්සිල් රකින සමාජයක පදනම වෙමින් සුචරිතවත් ජාතියක් හැටියට දිවි සරු කර ගැනීමට ඉවහල් විය ඒ සුචරිතවත් දහම් මාවත රාජ්‍ය පාලනයට ද එක් කළේ වටිනා ආදර්ශයකිග සතර අගතියෙන් තොර වූ රාජ්‍ය පිළිවෙත ආර්ථිකල සමාජ හා සංස්කෘතික ආදී වූ සියලු තැන්හි අන්‍ය ජාතීන් අතර අප සුවිශේෂී ජාතියක් බවට පත් කළේ ය ජාතිය අභිමානවත් කළ ඒ සදහම් මඟ අඛණ්ඩවත්ල අවිච්ඡින්නවත් පෙර ගෙන යෑම මහජන නියෝජිතයින් වන අපගේ වගකීමක් වේ


අනුබුදු මිහිඳු හිමියන් දෙසූ මඟ යමින් අධිෂ්ඨානයෙන්ල වීර්යයෙන් හා ඥානයෙන් පරිපූර්ණව මිහිඳු හිමියන්ට ගරු බුහුමන් පිදීම බෞද්ධ අපගේ යුතුකමය මහින්දාගමනය සමරන සකල ලක්වාසී ජනතාවට මම තෙරුවන් සරණ පතමි
Last Updated ( Tuesday, 02 June 2015 )