Rivira
Written by Admin   
Monday, 27 April 2015

මාස තුනකුත් ඉවරයි ;
තවම මේ අය කරන්නේ පළිගැනීමයි - පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

rivira_26th.jpgමාස තුනකුත් ගෙවිලා ඉවරයි. ඒත් තාම මේ අය කරන්නේ පළිගන්න එක. වැරදි කරපු අය ඉන්නවා නම් ඒ අයට දඬුවම් දීම කිසි ප්‍රශ්නයක් නෑ. අදාළ විමර්ශන කටයුතු කරලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. ඒත් ඇයි මේ පැත්තක ඉන්න අයගෙන් පළිගන්න දඟලන්නේ. අද වෙ‍ලේ සුදාලා නිදි. ඒ ගැන කිසි කතාවක් නෑ. ඒවා එහෙම වෙද්දී ඇමැතිකමක් දුන්නා කියලා මහින්ද රාජපක්ෂ මහතාටයි ඇමැතිකමක් ගත්තා කියලා මටයි දඬුවම් දෙන්න හදනවා. මේ තරම් විහිළු තවත් තියෙනවාද?