rivira
Written by Admin   
Wednesday, 22 April 2015

තිස්ස අත්තනායක මහතාට කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීම අල්ලසක් කීමේ තර්කය පදනම් විරහිත තර්කයක්!  ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා කළ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ.-ජී.එල්. පීරිස් මහතා (එජනිස)

gl.jpgලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා කළ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ. තිස්ස අත්තනායක මහතාට ඇමැතිධුරයක් පිරිනැමීම සහ පිරිනැමූ පුද්ගලයා අතර සබඳතාවක් තිබෙනවා. දෙනු ලබන සහ ගනු ලබන පුද්ගලයා පිළිබඳවයි මෙහි ප්‍රශ්නය. ගත් පුද්ගලයා මේ සභාවේ මන්ත්‍රීවරයෙක් නිසා මේ සභාවේ වරප්‍රසාද ප්‍රශ්නයක්. මෙය පිරිනැමුවේ හිටපු ජනාධිපතිවරයායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව එතුමාගේ බලතල සඳහන් වෙනවා. එතුමා කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීම අල්ලසක් කීමේ තර්කය පදනම් විරහිත තර්කයක්. අපි එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ඉතිහාසයේ මේ වගේ සිද්ධියක් වාර්තා වී නැහැ.