rivira
Written by Admin   
Wednesday, 22 April 2015
මා පක්ෂයෙන් ඉවත් වීම දේශපාලන තීන්දුවක්  මංකොල්ලකෑම් ගැන චෝදනා තිබෙන්නේ කාටද කියලා මම දන්නවා. මෙසේ නැති චෝදනා කරමින් මඩ ගැසීම සුදුසු නැහැ.-තිස්ස අත්තනායක
 
222222222222.jpgමහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ සෞඛ්‍ය ඇමැති ධුරය භාර ගැනීම අල්ලස් පනත යටතේ වරදක් කියා මට දන්වා තිබෙනවා. මුලින් මේ ගැන පරීක්ෂණයක් කිරීමට පියවර ගත්තේ නැහැ. අධ්‍යක්ෂ ජනරාල්වරිය හිතුවක්කාර ලෙස පළිගැනීමේ ච්ෙතනාව මත කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට ඇමැතිවරුන් පත්කිරීමේ අයිතිය හා බලය තිබෙනවා. මෙය හිටපු ජනාධිපතිවරයා අපහසුතාවට පත් කිරීමට වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරනවා. මා එජාපයේ ‍ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා මට දඬුවම් කිරීමට මේ විමර්ශනය පවත්වනවා. මේ විමර්ශනය ආරම්භ කිරීමට බල කළේ කවුද?පැමිණිල්ල ගැන ඉදිරියට ක්‍රියා කළ යුතු නැහැ කියා නිර්දේශ කර තිබියදී මේ විමර්ශනය යළි ආරම්භ කළේ පළිගැනීමටයි.

වරදක් කර තිබෙනවා නම් මට දඬුවම් කරන්න. හිරේ දමන්න. මා පක්ෂයෙන් ඉවත් වීම දේශපාලන තීන්දුවක්  මංකොල්ලකෑම් ගැන චෝදනා තිබෙන්නේ කාටද කියලා මම දන්නවා. මෙසේ නැති චෝදනා කරමින් මඩ ගැසීම සුදුසු නැහැ.