Divaina
Written by Admin   
Friday, 13 March 2015

තිස්‌සගේ පෙත්සම 19 දා යළි කැඳවයි...

 usaviiii1.jpgඑක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පක්‍ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පක්‍ෂ නායකත්වය ගෙන ඇති තීරණය නීති විරෝධි සහ බලරහිත බවට පත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 දා යළි කැඳවීමට ශ්‍රෝෂ්ඨාධිකරණය ඊයේ (12 වැනිදා) නියෝග කළේය.මෙවැනි පෙත්සමක්‌ උසාවියට ගොනු කර ඇති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන් සියලු දෙනාටම දැන ගැනීම සඳහා හැකි ඉක්‌මණට රෙජිස්‌ට්‍රාර්වරයා මගින් දිනපතා පුවත් පත් තුනක පෙත්සම දැන්වීමක්‌ ලෙස පළ කරන ලෙසද ශ්‍රෝෂ්ඨාධිකරණය පෙත්සම්කරු වන තිස්‌ස අත්තනායක මහතාට දැනුම් දුන්නේය.ශ්‍රෝෂ්ඨාධිකරණය සඳහන් කළේ මෙවැනි නඩුවක්‌ උසාවියට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට අනුව ඉදිරිපත් වූ විට මාස 02 ක්‌ ඇතුළත විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ප්‍රකාශ කළ යුතු බවයි.


එස්‌. ඊ. වලිසුන්දර, බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න යන ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ පෙත්සම මුල් වතාවට කැඳවන ලදී.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් කබීර් හෂීම් සහ එජාපයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මහා ලේකම්, මැතිවරණ කොමසාරිස්‌, නීතිපති ඇතුළු 77 ක්‌ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ලබන 19 දාට පෙත්සමේ කරුණු තහවුරු කරන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට ඊයේ දැනුම් දුන් ශ්‍රෝෂ්ඨාධිකරණය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙත්සමට විරෝධතා දැක්‌වීමට ඉක්‌මන් දිනයක්‌ ලබා දෙන බවත් ඉන් පසුව පෙත්සම විභාග කරන බවත් සඳහන් කළේය.

තිස්‌ස අත්තනායක මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ තමා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පහ කිරීමට පක්‍ෂයේ නායකයන් ගත් තීරණය පක්‍ෂයේම ව්‍යවස්‌ථාවට සහ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ රෙගුලාසිවලට පටහැනි බවයි.

තමා පක්‍ෂයෙන් පහ කළේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දීමෙන් පසුව බවත් එය වරදක්‌ නම් ඒ පිළිබඳව නිදහසට කරුණු දැක්‌වීමට අවස්‌ථාවක්‌ ලබා නොදී පක්‍ෂයෙන් ඉවත් කිරීම නීතියට සහ සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි බවත් අත්තනායක මහතා කියා සිටී.

පිළිගත් දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්‍ෂයකට සහාය දීම හෝ මාරුවීම යන හේතු=න් මත පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය අහිමි කළ නොහැකි බව ශ්‍රෝෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ නඩු තීන්දු ගණනාවක සඳහන් කර ඇති බව ද අත්තනායක මහතා කියා සිටී.

ජනාධිපති නීතිඥ අලිසබ්රි සහ නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරු තිස්‌aස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටියහ.