Press Release
Written by Admin   
Friday, 13 March 2015

ඉදිරියේදී දේශපාලනය සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙනවා – තිස්ස අත්තනායක

tissa_bailq.jpgජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ලිපියක් සැකසූ බවට වූ චෝදනා මත තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරිණි.අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති බව ය.නඩු විභාගය ජූනි මස 3 වන දා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අත්තනායක මහතා ප්‍රකාශ කළේ, මෙය සම්පූර්ණයෙන් ම දේශපාලන පළි ගැනීමක් බව ය.

 

Last Updated ( Friday, 13 March 2015 )