Press Release
Written by Admin   
Wednesday, 11 February 2015
Tissa Attanayake enlarged on bail

තිස්ස ඇප මත මුදා හරී....

tissa_bailq.jpgපාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර ඇත.තිස්ස අත්තනායක මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඇප ලබා නොදීමට ප්‍රමාණවත් සාක්ෂි පොලීසිය ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර තිබේ.ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත තිස්ස අත්තනායක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත.ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනා මත පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Last Updated ( Wednesday, 11 February 2015 )