Press Release
Written by Admin   
Thursday, 05 February 2015
Remanded Tissa to attend Parliament

තිස්සට පාර්ලිමේන්තු යන්න අවසර..........

tissa-legal_actions.jpgරක්ෂිත බන්ධනාගාරගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගීවීමට අවසර ලබා දී තිබේ. මේ වන විට බන්ධනාගාරලත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ නීතිඥයින් වන ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සහ නීතිඥ සාරංග සිරිවර්ධන මහතා යන අය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර ලබා දී ඇත. අදාළ මෝසම කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සලකා බැලීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ

අද(05) හෙට(06) සහ අනිද්දා(07) යන දිනයන් හී ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගීවීමට ඒ මහතාට ඉඩ සලස්වා දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
Last Updated ( Thursday, 05 February 2015 )