Press Release
Written by Admin   
Wednesday, 04 February 2015
In time the truth will come out, I will be cleared.

කවද හරි සාධාරණය ඉෂ්ට වේවි – තිස්ස අත්තනායක

rimand.jpgපාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, ඔහු අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඔහු රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදි මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය. “කවද හරි සාධාරණය ඉෂ්ඨ වේවි. මේ නොකරපු වරදකට අරගෙන තියෙන්නේ. යුක්තිය ඉෂ්ට වෙන්න කියලා මම ඉල්ලනවා” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලියකියවිලි මාධ්‍යයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ය. ජනාධිපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම තිස්ස අත්තනායක මහතාට එල්ල වී ඇති චෝදනා වේ.

Last Updated ( Wednesday, 04 February 2015 )