Press Release
Written by Admin   
Sunday, 25 January 2015
පසුගිය රජයට එක්‌වීම ගැන අද මං කනගාටු වෙනවා
- එජාප හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක

5.jpg"පසුගිය ආණ්‌ඩුවට එක්‌වීමට ගත් තීරණය ගැන මා අද දුක්‌ වෙනවා. නරක ග්‍රහ බලපෑමක්‌ නිසා එහෙම සිදු වෙන්න ඇතැයි විශ්වාස කරනවා" යෑයි එජාප හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.ඉදිරි දේශපාලන ගමන් මඟ පිළිබඳව "දිවයින" ඊයේ (25 දා) කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අත්තනායක මහතා තවදුරටත් තමන් එජාප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව කීය.ජනාධිපතිවරණයෙන් පසු තමා හදිසියේම සිංගප්පූරුවට ගොස්‌ පැමිණි බවත්, ඒ ගමන ගැනද ඇතැම් පුද්ගලයන් ජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවත් හෙතෙම කීය.

මෙහිදී අප නැගුව ප්‍රශ්න කිහිපයක්‌ සහ අත්තනායක මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඔබ කාලාන්තරයක්‌ තිස්‌සේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉඳලා ඇයි මේ වගේ තීරණයක්‌ ගත්තේ...?

පිළිතුර - මම ජ්‍යෙdතිෂය විශ්වාස කරන්නේ නැහැ. ඒත් මම හිතනවා මට නරක ග්‍රහයෙක්‌ ලබන්නට ඇති.

ප්‍රශ්නය - ඔබ එජාපය අත් නොහැර හිටියා නම් අද ප්‍රබල ඇමැතිවරයෙක්‌ වෙන්න තිබුණා. 

පිළිතුර - ඒ ගැන මට හරියට කනගාටුයි. ඒත් ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ග ඔබට කියන්නම්. 

ප්‍රශ්නය - ඔබ දේශපාලනය අත්හරිනවාද?

පිළිතුර - අපොයි නැහැ.