ARTICLE
Written by Admin   
Monday, 19 January 2015

තිස්ස පක්ෂ‍යට ඔබ සිදුකල සියලු කැපවීම අපට මතකය ​!

​එදා පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල වූ විවිධ අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට දායකූ පක්ෂයේ මුර දේවතාව​ ඔබය!

​​අදටත් පක්ෂය සහ නායකත්වය රැකගැනීමේ වගකීම ඔබ සතුය​!.

11111111111111111wthissa-at.jpgහද්ද පිටිසරින් ඉපදී ගෙන්ද ගම් පොලොවේ දේශපාලනයෙන් පන්නරය ගත් තිස්ස 1970න් දේශපාලනයට පැමිනියහ. තිස්ස එජාපය රැක ගැනීමට මහත් දායකත්වයක් ගත් පුද්ගලයන් අතලොස්සෙන්එක්කෙනෙකි.. සිරිකොතේ පැදුරේ නිදාගෙන පාක්ෂිකයන්ගේ දුක් හදුනාගෙන එජාපය දිනවා රටත් ජනතාවත් දිනවීමට මහත් වෑයමක් ගත් තිස්ස 2006 දී පක්ෂයේ මහලේකම් තනතුරින් පවා පිදුම් ලබා ගත්හ පසුගිය වකවානුවේ පක්ෂ නායකත්වයට එල්ල වූ විවිධ අකටයුතු හා අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට දායකූ පක්ෂයේ මුර දේවතාව විය තිස්සගේ එකම අධිටන වූයේ එජාපයේ සුභ සිද්ධිය සහ එජාප ඡන්ද පදනමරැක ගැනීමය.

නමුත් අවාසනාවකට පසුගිය ජනපතිවරනයත් සමග පක්ෂය තුල හමා ගිය මහා කුණාටුව හමුවේ තිස්සට නොසැලී සිටීමට හැකිවිය... තිස්සට කිහිපදෙනකුගේ අභ්‍යන්තරකුමන්ත්‍රණයකට මුහුන දීමට සිදුවිය... එදා කිසිම දෙයකට නොසැලී සිටිය තිස්ස එජාප පාකිෂිකයන්ගේ අවාසනාවකට එදා සැලුනි.. නමුත් ඔහු කිසිවිටෙක පක්ෂය අත හැරියේ නැත...ඔහු අදටත් එජාපයේ සාමාජිකයකි...තිස්ස එජාපය එදා රැක ගත්ත සේ අද සියලු පාක්ෂිකයන් තිස්සව රැකගත යුතු කාලය උදාවී ඇත.. තිස්ස අදටත් අපසමග අපගේ පක්ෂය රැක ගැනීමට පෙරට ඇවිත් සිටී...තිස්ස පක්ෂ‍යට සිදුකල සියලු කැපවීම අපට මතකය..තිස්ස ඔබ ඉදිරියේදීත් පක්ෂ නායකත්වය රැකගැනීමට දයක වනු ඇතැයි පාක්ෂිකයන්ගේ අධිඨනයි ​!!!!​

ඔබට තෙරුවන් සරණයි!

පාක්ෂිකයෙක්!

Last Updated ( Monday, 19 January 2015 )