Press Release
Written by Admin   
Wednesday, 10 December 2014

පසුගිය කාලය තුළ විවිධ හැළ-හැප්පිලි  සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමග එක්ව කටයුතු කළ සහ මට සහය ලබා දුන් ඔබ සෑමට මගේ අවංක ස්තුතිය!

tissa-front-view-a2.jpgඑක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමේ තීරණය සති කීපයක් තිස්සේ පරෙස්සමෙන් කරුණු කල්පනා කර බලා මා එළැඹුණු තීරණයකි. එහෙත් කිසි දිනක මම එක්සත් ජාතික පක්ෂය හැර නොයමි. කෙසේවුවද, පක්ෂ මහ ලේකම් තනතුරේ වගකීම සහ කාර්යභාරය ආත්ම ගෞරවයකින් යුක්තව ඉටු කිරීමට මට නොහැකි අතර එම ධුරයෙන් ඉවත්වීම හැරුණු කොට වෙනත් විකල්පයක් ද මා හට නොමැති බව පැහැදිලිය. පසුගිය කාලය තුළ විවිධ හැළ-හැප්පිලි සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමග එක්ව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, කොට්ඨාශ සංවිධායකවරුන්ටත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත්, අප පක්ෂයේ නිලධාරීන් සහ පාක්ෂිකයන්ටත්, පක්ෂ මූලස්ථාන කාර්ය මණ්ඩලයටත් මගේ කෘතවේදීත්වය මෙහිදී පළ කරමි. මේ තාක් කාලයක් මට මග පෙන්වා, උපදෙස් දී, මා මෙහෙයවූ ඔබතුමාටත්, මට සහය ලබා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මගේ අවංක ස්තුතිය පිරිනමමි.
Last Updated ( Wednesday, 10 December 2014 )