Press Release
Written by Admin   
Sunday, 30 November 2014

මාව මුදලට ගන්න බැහැ -තිස්ස

tissa_attanayake_640x360_bbc.jpgතමා ආණ්ඩුවට එකතු වන බවට පැතිර ගිය කටකතා අසත්‍ය බවත් තමන්ගේ හෘද සාක්‍ෂිය මුදලට ගත නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පවසයි. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේ දීයි. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවි කරුණානායක, මහ ලේකම් තිස්ස අත්තනායක, සභාපති කබීර් හෂීම් හා නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.

විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම සඳහා ඉතිහාසයේ පළමු වරට සටන් කළේ ශ්‍රීලනිපය බවයි සිරිකොතට පැමිණ සිටි එජාප අධාරකරුවන් අමතා කතා කළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ මෙන්ම ආසන සංවිධායකවරු ද මෙම රැස්වීමට සහභාගී වුහ.
Last Updated ( Sunday, 30 November 2014 )