Press Release
Written by Admin   
Monday, 17 November 2014

රාජපක්ෂ ගෙදර යැවිය හැක්කේ එජාපය මූලික වූ දේශපාලන පෙරමුණකට පමණයි -තිස්ස අත්තනායක
 
111111111111new-tissssssaaa.jpg''ආණ්ඩුවේ අයවැය යෝජනාවලියේ බොරුව ගැන කතා නොකර බොහෝ දෙනා මේ වන විට කතා කරන්නේ ජනාධිපතිවරණය ගැනයි. පොදු අපේක්ෂකයා කවුරුන්ද කියා සමහරුන් අපෙන් ප්‍රශ්න කරන අතර ඇතැම් පිරිස් අසන්නේ ඇත්තටම ජනාධිපතිවරණයක් තිඛෙනවාද කියායි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නේ තවත් අවුරුදු දෙකක් ගත වුණොත් මීටත් වඩා අමාරු තත්ත්වයකට තමාට මුහුණදීමට සිදුවන බව හොඳින්ම දන්නා නිසයි. මේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණාට පසුව මහින්ද රාජපක්ෂට ඔහුගේ ඉතිරි අවුරුදු දෙකක පාලන කාලයත් අහිමි වනවා. 

මේ ජනාධිපතිවරණයේ දී ප්‍රධානතම පාර්ශ්වකරුවා වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය සහ විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය පමණක් නොව, වැඩිම ඡන්ද පදනමක් තිඛෙන එක්සත් ජාතික පක්ෂයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමේ දේශපාලන ව්‍යාපාරයට සිය පූර්ණ ශක්තිය, හැකියාව සහ බලය යොදවා නායකත්වය ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ නියත වගකීමයි. මහින්ද රාජපක්ෂ ගෙදර යැවිය හැක්කේ එක්සත් ජාතික පක්ෂය මූලික වුණු දේශපාලන පෙරමුණකට පමණයි.''