Press Release
Written by Admin   
Saturday, 15 November 2014

අද සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අවුල් ජාලාවක්!
නිදහස් සෞඛ්‍යයට අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබා දෙන්නේ නැහැ
....
ආණ්ඩුව යැපෙන්නේ සමිපුර්ණයෙන් බදු සහ ණය මතයි-තිස්ස අත්තනායක

tissa-july-press.jpgඅද සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රශ්න ගණනාවක් හටගෙන තිබෙනවා වෘත්තීයෙවිදීන්ගේ ප‍්‍රශ්නත් ඒ අතර තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අවුල් ජාලාවක් බවට පත්වී ඇති බවත් පැවසිය හැකිය. රෝහල්වලින් ජනතාවට ලබා දෙන්නේ බෙහෙත් තුණ්ඩු පමණයි. සියලූම දේවල් පෞද්ගලික අංශයෙන් ඉටු කර ගැනීමට සිදු වෙලා. නිදහස් සෞඛ්‍යයට අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් ලබා දෙන්නේ නැහැ.අයවැය පිළිබදව ආණ්ඩුව උජාරුවෙන් කතා කළත් එය සමිමත වීමටත් ප‍්‍රථම ජනතාව එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ආණ්ඩුවට සමිබන්ධ ආණ්ඩුවට සමිබන්ධ වෘත්තීය සමිතිවත් එය පිිළිගන්නේ නැහැ.

 

වැඩ කරන ජනතාව බලාපොරොත්තු වු වැටුප් වැඩි වීමක් හෝ සහනයක් එයින් ලැබි නැහැ . ආණ්ඩුව යැපෙන්නේ සමිපුර්ණයෙන් බදු සහ ණය මතයි.එක් පාරිභෝගිකයෙකුගෙන් ආණ්ඩුව රු 4000 ක් බදු ලෙස අය කරනවා. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් බව  බව පෙන්වීමට හැදුවත් ආණ්ඩුව ජනතාව දෙස බලන්නේ නැහැ බව තිස්ස අත්තනායක මහතා පවසූහ

Last Updated ( Saturday, 15 November 2014 )