Press Release
Written by Admin   
Tuesday, 28 October 2014

එජාප ඡන්දපොළ සංවිධායකවරු12,000ක්‌ අද කොළඹට

booth.jpgජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙය විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂ ඡන්දපොළ සංවිධායකවරුන් 12000 ක්‌ අද (28 වැනිදා) කොළඹට කැඳවා ඇත.මෙම සංවිධායකවරුන් සහභාගි වන විශේෂ සමුළුවක්‌ එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28 දා) සවස 3 ට කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වෙන අතර ඊට සහභාගි වන ලෙස පක්‍ෂයේ සියලු ක්‍රියාකාරීන්ට ආරාධනා කර තිබේ.ඉදිරි ජනාධිපතිවරණය එක්‌සත් ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරමින් සංවිධායකවරුන් දිරිගැන්වීම මෙම සමුළුවේ අරමුණවී ඇති බව එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ සියලු වගකීම් මෙම ඡන්දපොළ සංවිධායකවරුන්ට පවරා තිබෙන බවත් එජාප පාලනයක්‌ යටතේ මේ පිරිස වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම කීය.
 
Last Updated ( Tuesday, 28 October 2014 )