Press Release
Written by Admin   
Thursday, 09 October 2014

ජනාධිපතිවරණයේ මහින්ද පන්නන්න ඇමති පිරිසක් අවසන් එකඟතාවකට ආවා!!

11111111111111111wthissa-at.jpgආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් මීළඟ ජනාධිපතිවරණයේ රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ මේ වන විටත් අවසන් එකඟතාවකට පැමිණ සිටින බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ මැති ඇමතිවරුන් පිරිස ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ වහාම අදාළ එකඟතාව අනුව අවශ්‍ය පියවර ගන්නා බවද කී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණයට තවත් අවුරුදු 2 ක් තිබිය දී හදිසියේම ජනාධිපතිවරණයක් පවත්වන්නේ කුමක් නිසා දැයි ඝෘජුව ප‍්‍රශ්ණ කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති

මහින්ද රාජපක්ෂට බිය නොමැතිව ලිපියක් යැවීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය යැයි ද සඳහන් කළේය.
Last Updated ( Thursday, 09 October 2014 )