Press Release
Written by Admin   
Wednesday, 08 October 2014

ඌවේ අලි දිවුරති....

රට ජයභූමියක්‌ කරා ගෙන යන තීරණය ගැනීමට කාලය එළැඹිලා!

ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරීපත් වූ නියෝජිතයන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදී එම පක්‍ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ අද(07) දිවුරුම් දුන්හ. එහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියාසිටියේ රට තුළ නව පාලනයක් ඇති කිරීමට පක්‍ෂයේ සියලූ දෙනා වැඩ ආරම්භ කළ යුතු බවය.

uva.jpg  uva2.jpg


‘පළාත්සභා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එම කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් හරීන්ප්‍රනාන්දු මහතා විශේෂ කැපවීමක් කළා. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ඉවත් වී උඣීව පළාත් සභා මැතිවරණයට නායකත්වය ලබාදීම වෙනුවෙන් අපි විශේෂයෙන්මස්තඣති කරනවා. එමෙන්ම අපත් සමග කාලයක් පාර්ලිමේන්තුවේ සිටි රවී සමරවීරමහතාත් උඣීව පළාත් සභාවට තේරී පත්වී තිබෙනවා. උඣීව පළාත් සභා මැතිවරණයට තරගකළ සියලූම දෙනාටත්, ජයග්‍රහණය කළ සියලූ දෙනාටත් මම ඉතාමත් උණුසුම් ලෙස මගේස්තඣතිය පුද කරනවා. එමෙන්ම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උදව් කළ පළාත් පාලනමන්ත්‍රීවරුන් මෙන්ම ජනතාවටත් මම ස්තූතිවන්ත වනවා.
උඣීව පළාත් සභාමැතිවරණයේ දී අපට අපේ පක්‍ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලනමන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, සාමාජිකයින් ඇතුලූ සියලූ දෙනා උදව් කළා.එමෙන්ම වෙනත් දේශපාලන පක්‍ෂවල නායකයින් සහ සාමාජිකයින් ද උදව් කළා. අපි ඒඅයටත් විශේෂ ස්තඣතිවන්ත වනවා. ඔවුන් සියලූ දෙනාගේම කැපවීම මත ඌවේ ජනතාවගේසහයෝගය ලබා ගැනීමට අපට හැකියාව ලැබුණා.’යි කීය

 

වරප්‍රසාද ලබන සුළු පිරිස නොව සමස්‌ත ජනතාව සමඟ
රට ජයභූමියක්‌ කරා ගෙන යන තීරණය ගැනීමට කාලය එළැඹිලා


වරප්‍රසාද ලබන, සාටක පාලනයට ගැති එක්‌තරා පිරිසකට පමණක්‌ මේ රට ජය භූමියක්‌ බවට පත්කරනවාද, නැතිනම් සමස්‌ත ජනතාවටම රට ජයභූමියක්‌ බවට පත්කරනවාද යන්න පිළිබඳව තීරණය කිරීමට කාලය එළඹ ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එජාපයේ ප්‍රයත්නය සමස්‌ත රටවැසියාටම නිදහස්‌ව සහ නිවහල්ව ජීවත් විය හැකි ජයභූමියක්‌ බවට මේ රට පත්කිරීම බව ද හෙතෙම පැවසීය.

පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී ජයග්‍රහණය කළ එජාප අපේක්‍ෂකයන් සිරිකොතදී ඊයේ (7 වැනිදා) පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිව්රුම් දුන් අතර එහිදී අදහස්‌ දක්‌වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම පළාත් සභාවේ විපක්‍ෂ නායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතා සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ආනන්ද කුමාරසිරි මහතා ද මෙහිදී සිය පත්වීම් එජාප නායකයා අතින් ලබාගන්නා ලදී. එහිදී පැවැති උත්සවය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

ඌව පළාත් සභා මැතිවරණයේදී තිබුණේ අමුතු තරගයක්‌. අපේ කණ්‌ඩායමට නායකත්වය දුන්නේ හරීන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. සන්ධානයේ කණ්‌ඩායමට නායකත්වය දුන්නේ ජනාධිපති. ඡන්දේ පැවැත්වුණා. ජනාධිපති පරාජයට පත්වුණා. සමස්‌තයක්‌ විදියට ගත්තොත් ඌව ජනතාව සන්ධානයයි, රාජපක්‍ෂ රෙජිමයයි හොල්ලලා ඌවෙන් පණිවුඩයක්‌ දීලා තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණයක්‌ ලබා දී තිබෙනවා. එහි යුතුකම අපි දැන් ජනතාවට ඉටු කළ යුතුයි. මමත් විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු මහතාට වගේම අනෙක්‌ අපේක්‍ෂකයන්ටත් ස්‌තුති කළ යුතුයි. හරීන් විශාල කැපවීමක්‌ කළා. හොඳ නායකත්වයක්‌ ලබාදුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී සමරවීර මහතාත් පළාත් සභාවට තේරී පත්වුණා. ඒ වගේම මේ සභාවට තේරී පත්වුණු ඔබට වගේම නොතේරුණු අයටත් මා ස්‌තුතිවන්ත වෙනවා පක්‍ෂය වෙනුවෙන් කළ සේවයට.

මට තිබුණු කාර්යභාරය තමයි පක්‍ෂය සමගි කරලා සියලු දෙනාම එකම වේදිකාවකට ගේන්න. ඒක මම කළා. මැතිවරණයෙන් පසුව නිලධාරි මණ්‌ඩලයකුත් පත්කළා. ඒ අනුව ඡන්දදායකයන් ඡන්දය දීලා අපට යුතුකම් ඉෂ්ට කළා. එහෙනම් අපේ යුතුකම තමයි ජනතාව කියූ විදියටම රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීම. අපි එක්‌ සැලැස්‌මක්‌ අනුව දැන් වැඩ කළ යුතුයි. ප්‍රතිරූප හදන්නවත්, වෙනම කතා කරන්නවත් දැන් වුවමනා නැහැ.

එජාපය දැන් එක හඬකින් කතා කළ යුතුයි. ඒ සඳහා දැන් අපි සූදානම්. එජාපය තමයි ආණ්‌ඩු විරෝධී ප්‍රධාන බලවේගය. එය ඌවේදී 40% ක ඡන්ද ප්‍රතිශතයක්‌ අරගෙන අපි පෙන්නුවා. ඒත් අපි තනියම නොවෙයි ආණ්‌ඩුවට විරෝධී බලවේග සියල්ල එකතු කළ යුතුයි. ආණ්‌ඩුව තුළ සිsටින බලවේගත් අපි එකතු කළ යුතුයි. දැනටම දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන ගණනාවක්‌ අපි සමඟ සිටිනවා.

ඉදිරියේදී ජනාධිපතිවරණයක්‌ ඒවි. මුළු රටම එකම මැතිවරණ කොට්‌ඨාසයක්‌ බවට පත්වෙනවා. එක අපේක්‍ෂකයයි තරග කරන්නේ. අපේ මහ ලේකම්තුමා දැන් අපේ සියලුම ඡන්දපළ නිලධාරීන් සියලු දෙනා කොළඹට කැඳවන්න කටයුතු කරලා තිබෙනවා.

දැන් ජනාධිපතිතුමා කියන්නේ මේ රට ජය භූමියක්‌ බවට පත්කරන්න කියලා. ජනතාවට ජය භූමියක්‌ නොවෙයි, දූෂකයන්ට ජය භූමියක්‌ කරන්න.

විවිධ ව්‍යාපෘති කරලා කොමිස්‌ ගහලා හම්බ කරපු අයට ජයභූමියක්‌. ඒ වගේම මේක භීෂකයන්ගේ ජය භූමියක්‌ කරන්න, කුඩුකාරයන්ට ජයභූමියක්‌ කරන්න. එතනෝල් කාරයන්ට, පවුල් පාලකයන්ට, ජනතාව පාගලා දාන, වරප්‍රසාද ලබන දූෂණයෙන් හම්බ කරන, භීෂණයෙන් බලවත් වෙන අයට ජය භූමියක්‌ කරන්නයි මේ අයට ඕන වෙලා තිබෙන්නේ.

මේ 01% වරප්‍රසාද ලබන අයට මේ රට ජයභූමියක්‌ කරන්න ඉඩ දෙනවාද? මේ ප්‍රයත්නය පරාජ කරලා මේ රටේ ජනතාවට ජීවත්වන්න පුළුවන් ජය භූමියක්‌ අපි ඇති කළ යුතුයි. ගොවීන්ට හොඳ මිලක්‌ දිය යුතුයි. නිදහස්‌ අධ්‍යාපනය අපි රැකිය යුතුයි. නිදහස්‌ සෞඛ්‍ය ආරක්‍ෂා කළ යුතුයි. රැකියා ලක්‍ෂ 10 ක්‌ ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක්‌ හදන්න ඕන. රට තුළ නීතිය, සාමය දැඩි කළ යුතුයි. ජනතාවට ඇහුන්කන් දෙන පාලකයන් සිටින රටක්‌ හැදිය යුතුයි.

එහෙනම් සාටකයේ, හොරුන්ගේ ජයභූමියක්‌ කරනවාද ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ජනතාවට ජීවත්විය හැකි සමාජයක්‌ ඇති කළ යුතුයි. ජනතාව වෙනුවෙන් වැඩ කරන රජයක්‌ අපි ඇති කළ යුතුයි. ඒ සඳහා සෑමදෙනාම එකට එකතු විය යුතුයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා - ඌවේ පැවතියේ නිදහස්‌ සහ සාධාරණ මැතිවරණයක්‌ නොවෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය කියලා එය හැඳින්විය හැකියි. ඒ බව මැතිවරණ නිරීක්‍ෂකයන් පවා කියා තිබෙනවා. මැතිවරණ පොතේ තිබුණු සියලුම නීති උල්ලංඝනය කළ මැතිවරණයක්‌ ලෙස පැවැති ඌව පළාත් සභා මැතිවරණය හැඳින්විය හැකියි.

ඒ තත්ත්වය වැඩියෙන්ම පැවතියේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ. සිල් රෙද්දේ සිට සියලුම දේවල් බෙදුවා. ඩිෙµන්ඩර් රථ පේළියට ගියා. වෙඩි තැබුව, ගැහුවා. නමුත් බොහොම ඉවසීමෙන් කටයුතු කරලා අපේ එජාප අපේක්‍ෂකයන් පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා.

ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වෙලා ඉතිහාසයේ ලොකු කැපවීමක්‌ අපේ හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළා. ඒ වගේම එජාප පාක්‍ෂිකයිනුත් ලොකු කැපකිරීමක්‌ කළා. එකාවන්ව වැඩ කළ නිසා ඌවෙන් අපිට හොඳ ජයග්‍රහණයක්‌ ලබා දෙන්න හැකි වුණා.

මෙම අවස්‌ථාවට එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක, සභාපති කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්‌ සහභාගි වී සිටියහ.

Last Updated ( Wednesday, 08 October 2014 )