Press Release
Written by Admin   
Sunday, 05 October 2014

​බොදු බල සේනාව එජාප ‘කෙටි න්‍යාය’ පත්‍රයට!
'අපි උත්සාහ කරන්නේ හැමදෙනාම එකට එකතු කර ගත් දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට
යි' ....-තිස්ස අත්තනායක

bbc.jpgබොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ, බොදු බල සේනා ඉදිරිපත් කරන කරුණු පළමුවෙන් සලකා බැලිය යුතුව ඇති බවයි. ‘අපි උත්සාහ කරන්නේ හැම දෙනාම එකට එකතු කර ගත් දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට. ඊ ළඟ මැතිවරණය මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් විය හැකියි. එය කුමක් වුනත් සියලු බලවේග එකම වේදිකාවකට ගෙනැවිත් රට වෙනුවෙන් එක පදනමක් ඇති කර ගත යුතුව තිබෙනවා’ මහ ලේකම්වරයා පවසයි. එවැනි තත්වයක් යටතේ බොදු බල සේනා අදහස් කෙරෙහි ඉතා දැඩි අවධානය යොමු කොට ප්‍රතිචාරය පළ කරන බව ඔහු කියා සිටියේය.

විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇතුළු වෙනත් පොදු කාරනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ‘ කෙටි න්‍යාය පත්‍රයක්’ යෝජනා කර ඇතැයි සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ බොදු බල සේනා සංවිධානය ඇතුළු වෙනත් සංවිධානවල අදහස් ද සැලකිල්ලට ගනිමින් පොදු න්‍යාය පත්‍රයක් කරා අවතීර්ණ විය යුතුව ඇති බවයි. – BBC
Last Updated ( Sunday, 05 October 2014 )