Press Release
Written by Admin   
Saturday, 04 October 2014

ඊදුල් අල් උත්සවය සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් උත්සවයක් වේවා!

unp_banner.jpg

හජ් හෙවත් ඊදුල් අල්හා උත්සවය යනු පරිත්‍යාගය සංකේතවත් කරන්නකි. ඉබ්රාහිම් (අෙලෙයි) හා ඉස්මායිල් (අෙලෙයි) යන නබිතුමානන්ලාගේ පරිත්‍යාගය සිහිපත් කරන මෙය, ඉස්ලාම් ධර්මයේ වැදගත් උත්සවයක් ලෙස ද ගිණිය හැකිය.ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් තමන් වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලින් කොටසක් වියදම් කර මක්කම නගරයට ගොස් වන්දනාමාන කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නැවතත් තහවුරු කිරීම ද මෙහි දී සිදු වේ. ජාති භේද, කුල භේද හා වර්ණ භේද දුරලා සියලූ බැතිමතුන් එකට එක්වී සිදු කරන මෙම කාර්යය ලෝක

සමුළුවක් වශයෙන් ද සැලකිය යුතු බව ඉස්ලාම් ධර්මයේ සඳහන් වන අතර, මෙමගින් ප්‍රදර්ශනය කෙරෙනුයේ අන්තවාදයට හා ජාතිවාදයට ඉඩක් නොමැත යන පණිවුඩයයි. සමාජයේ සහජීවනය වෙනුවෙන් භේදවලින් තොරව එකාමෙන් අත්වැල් බැඳගෙන මනුෂ්‍යත්වය ලෝකයේ රජකරවීමට මක්කම නගරයේ ප්‍රාර්ථනාවේ නියැලෙන ලෝකවාසී මුස්ලිම් බැතුමන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා යන්න ප්‍රාර්ථනා කරන අතර අද දින ඊදුල් අල්හා උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක

2014. 10. 03

Last Updated ( Saturday, 04 October 2014 )