Press Release
Written by Admin   
Friday, 03 October 2014

තිස්ස ඉන්දියාවේ තිරුපති කෝවි‍ලේ ආගමික උත්සවයකට සහභාගි වෙයි!
ඉන්දීය  NIB ආරක්ෂක
අංශයෙන් ඔහුට විශේෂ ආරක්ෂාවක්!!

kovil.jpgඑක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පසුගිය සතියේ සිකුරාදා ඉන්දියාවේ තිරුපති කෝවි‍ලේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අතර ඉන්දීය  ආරක්ෂක අංශ ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයා තිබිණි. ඉරිදා දිනයේ ලංකාවට පැමිණීමට නියමිත බැවින් සෙනසුරාදා සාප්පුවකට ගියේ  මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය භාණ්ඩ  කිහිපයක් මිලදී ගැනීමටය.අදාළ භාණ්ඩවල බිල්පත් ගෙවා අවසන් වූ නමුත් හදිසියේම සාප්පුව වසා දැමීමට තීරණය වූ බැවින් මිලදී  ගත් භාණ්ඩ සාප්පුවේ තබා පිටතට  පැමිණීමට  තිස්සට සිදුවිය.  ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ  තොරතුරු සාප්පුවේ සේවකයන් සටහන්  කරගත් අතර හදිසියේ සාප්පුව වසා දැමීමට  හේතුව තිස්ස එතන සිටි අයගෙන් විමසුවේය.  

“ අපේ මහ ඇමැතිතුමියගේ නඩු තීන්දුව දීලා මිනිස්සු  කලබල වෙලා ඉන්නේ” පිරිස කියා සිටියේ ජයලලිතා මහත්මිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳවය.


ඉරිදා දිනයේ තිස්ස ලංකාවට  පැමිණියේය.  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ  මහතා මේ අතරතුර තිස්සට  දුරකථන ඇමතුමක්  ගත්තේය. “තිස්ස  මම කොන්සර්වේටිව් පක්ෂයේ සම්මේලනයට යනවා. ඊළඟට පාර්ලිමේන්තුව රැස්වෙන්න කලින් මම එනවා  ඒ නිසා විශේෂ ප්‍රශ්නයක් නැහැ. නමුත්  ඔයා මැතිවරණ කොමසාරිස්ට කතා කරලා වෙලාවක් අරන් එයාව හම්බ වෙන්න.  මොකද ආණ්ඩුව  ගේ‍රගරි පාරේ පටන් ගත්ත ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරන එකට අමාත්‍යාංශ  ‍ලේකම්වරු නිලධාරීන් ඇවිත් තියෙනවා. එතනට  වැඩට යොදවන්න තීරණය කරලා තියෙන්නේ  අමාත්‍යාංශ වාහන. මේ ගැන මැකොට පැමිණිලි කරන්න”  රනිල් වික්‍රමසිංහ  මහතා තිස්සට  කියා සිටියේය.  ඉන් අනතුරුව  වික්‍රමසිංහ  මහතා එංගලන්තය බලා පිටත්ව ගියේය.


ඉහත කරුණු සම්බන්ධයෙන් මැතිවරණ  කොමසාරිස්වරයා  දැනුවත්කිරීම  සඳහා වේලාවක් ලබා ගැනීමට  තිස්ස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  මහතා ඇමතුවේය.
“ඔබතුමා ඉල්ලා අස්වුණා කියලා පත්තරවල  දැක්කම මමත් කලබල වුණා.  ඊට පස්සේ තමයි දැන ගත්තේ  ඔබතුමා ඉල්ලා අස්වෙලා තියෙන්නේ  නායකත්ව මණ්ඩලයෙන් කියලා. ඔබතුමා තමන්ගේ  කාර්යභාරය  හරියට කරන කෙනෙක්. මම විශ්‍රාම  යනකම් ඔබතුමා  එජාපයේ  මහ ‍ලේකම් වෙලා සිටිය යුතුයි“ මැතිවරණ කොමසාරිස්වරයා තිස්ස  අමතමින් කීවේය.

Last Updated ( Friday, 03 October 2014 )